පූජ්‍ය අත්තරගම  ශ්‍රී වජිරජෝති හිමියන්ගේ ජන්ම ශත සංවත්ර සැමරුම

දයා උඩුරාවණ (මහනුවර )

හේනේගම ශ්‍රී සංගානන්ද පිරිවෙන් ආදි කතෘ උඩරට අමරපුර නිකායේ අනුනායක ධුරන්දර වැඩ විසූ පූජ්‍ය අත්තරගම  ශ්‍රී වජිරජෝති හිමියන්ගේ ජන්ම ශත සංවත්ර සැමරුම සහ විද්‍යායතනයට වසර 65 ක් පිරීම නිමිත්තෙන් හා විද්‍යායත  ගුණ සැමරුම පසුගියදා පිරිවෙන් පරිශ්‍රෙ‍ෙය්දී පැවැත්විනි.

අපවත්වී වදාල වජිරජෝති හිමි අනුස්මරණ සැමරුම් මුද්දරය හා මුල්දින කවරය තායිවානයේ ප්‍රධාන සංඝ නායක අචාර්ය බෝධාගම චන්දිම හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  ප්‍රවෘර්ථි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්  සිදු කෙරිනි.

මීට සමගාමිව සංගානන්ද පිරිවෙනේ ශාත්‍රිය මෙහෙවර අගයමින් “සුභාශිංසන ග්‍රන්ථය“  එළි දැක්වූ අතර ආදි විද්‍යාර්ථයින්හට  අභිනන්දන උළෙලක්ද  පැවැත්විනි.

තවද ගී රස වින්දන වැඩ සටහනක් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ වැඩමවීමෙන් පිරිවෙන් පරිශ්‍රෙ‍ෙය්දී පැවැත්විනි.

ප්‍රෙද්ශ වාසින්ගේ සෙෘඛ්‍ය ගැටළු වෙනුවෙන් දේශිය හා බටහිර වෛද්‍ය සායනයක් ද.

 ලේ දන්දීමේ කදවුරක් සහ දෘෂ්‍යබාදිත ප්‍රෙද්ශවාසින් වෙනුවෙන් ඇස්කණ්නාඩි ප්‍රධානයක්ද, ප්‍රෙද්ශයේ අඩු ආදායම් ලාභී පාසල්  සිසු සිසුවියන් හට පාසැල් උපකරණ ලබාදීම සිදු කෙරිනි.

මැදවල ඉසිපතනාරාම ස්වර්ණ බිම්බාරාම විහාරස්ථානය අසලින් ආරම්භ වු   ස්වාමින් වහන්සේලා 65ස් නමක් වැඩම කල “ නැන පහන් “ සදහා වූ පින්ඩපාත චාරිකාව සිදු කර පිරිවෙනට හැටපස් වන වසර සැමරුම හා ආදි කතෘ වහන්සේගේ ජන්ම ශත සංවස්තර වෙනුවෙන් සිදු කල පිංකම් මාලාව නිමාවට පත් කලහ.

වත්මන් පිරිවෙන් කෘතියාදිකාරි පූජ්‍ය ආචාර්ය රඹුකේවෙල ඥනසීහ ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වැඩ සටහන් මාලාව පැවැත් විනි.

Add a Comment

Your email address will not be published. Required fields are marked *