පේරාදෙණිය විශ්වවිද්‍යාල කාර්‍ය මණ්ඩලයට හදිසි ප්‍රතිකාර ලබා දීම පිළිබඳ  වෛද්‍ය වැඩමුළුවක්

ශ්‍රී ලංකාවේ විශාලතම නේවාසික විශ්වවිද්‍යාලය වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි. එහි 13000කට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අධ්‍යයන කටයුතු වල නිරතව සිටින අතර එයින් 65%කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් නේවාසිකව අධ්‍යාපනය හදාරනු ලබයි. ඒ අනුව විශ්වවිද්‍යාලය පුරා ඉදිකළ නේවාසිකාගාර 24 ක සංඛ්‍යාත්මකව 8500කට ආසන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් නේවාසිකවකව අධ්‍යාපනය හදාරති. ඒ අතර දෛනිකව විශ්වවිද්‍යාලය තුළ සිදුවන අනතුරු ප්‍රමාණය ද ඉතා ඉහළය.මේ පිළිබඳ අවධානය යොමු කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි වෛද්‍ය චන්දිමා හේරත් මහත්මිය ඇතුළු සෞඛ්‍ය මධ්‍යස්ථාන කාර්‍ය මණ්ඩලය විසින් විශ්වවිද්‍යාල කාර්‍ය මණ්ඩලය සදහා මෙම හදිසි ප්‍රතිකාර ලබා දීමේ වෛද්‍ය වැඩමුළුව සංවිධානය කරන ලදි. මෙම සෞඛ්‍ය වැඩමුළුව සදහා සම්පත් දායකත්වය සපයනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය වරුන් දසදෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසිනි. විශ්වවිද්‍යාලය තුළ සිදුවිය හැකි හදිසි අනතුරු හා එවැනි අවස්ථාවකදී ක්‍රියාකළයුතු ආකාරය හා හදිසි ප්‍රතිකාර ලබා දීම මෙන්ම ප්‍රථමාධාර ලබාදීම සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුවක් මෙහිදී ලබා විශ්වවිද්‍යාල කාර්‍ය මණ්ඩලයට ලබා දෙන ලදි.

Add a Comment

Your email address will not be published. Required fields are marked *