Ran Maha Satana 25 වන කන්ද උඩරට “රන් සටනේ” ජය මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විදුහලට

– දයා උඩුරාවණ

25 වන කන්ද උඩරට ‘‘ රන් සටන‘‘ ජයගත් වාරියපොල ශ්‍රී සුමංගල විදුහල මෙවර ‘‘යසරත්ත තෙන්නකෝන් ‘‘ ශූරතාවය දිනා ගන්නා ලදී. පසුගියදා මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති තරගයෙන් කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 54 කින් පරාජයට පත් කරමින්ය.

කාසියේ වාසිය දිනු කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල් නායක විචින්ත හේෂාන් පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදී.

ඒ අනුව සුමංගල  කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් පළමු ඉනිම සදහා ලකුණු 259 ක් රැස් කලහ. ඒ සදහා පිත්තෙන් දස්කම් දැක්වු කෙවින් කෞශල්‍ය  නොදැවී ශතකයක් ද තේනුක ඒකනායක අර්ධ ශතකයක් (ලකුණු 53) සහ අරුජ් ඒකනායක ලකුණු 34 ලබා ගත් අතර

රාහුල විදුහලේ සුමේද ප්‍රසාද් 39/02, විශාල් ගාර්දියවසම් 90/05 අසංක මනොජ් 38/01  කඩුලු  ලබා ගන්නා ලදී.

තම ප්‍රථම ඉනිම සදහා පන්දුවට පහරදුන් ශ්‍රී රාහුල විදුහල් කණ්ඩායම ලකුණු 141කට දැවී ගිය අතර කාව්‍ය අශේන් අර්ධ ශතකයක් (ලකුණු 50) දිනෙත් අබේසේකර ලකුණු 40, දිල්ෂාන් හේරත් ලකුණු 16 ද ලබා ගන්නා ලදී

සුමංගල විදුහලේ මොවිදු බාලසුරිය 56/05, තේනුක ඒකනායක 23/02,  විසල්  භාරත 14/01 ලෙස කඩුලු ලබා ගන්නා ලදී.

තම දෙවන ඉනිම ක්‍රීඩා කල කටුගස්තොට ශ්‍රී රාහුල ඉනිම සුමංගල විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ ලකුණු 61කට සීමා විය.

සුමංගල පන්දු යැවීම මොවිදු බාලසුරිය 28/05, දිනේන්ද්‍ර චමොද් 08/04

තරගයේ වීරයා වාරියපොල ශ්‍රී සුමංගල විදුහලේ මොවිදු බාලසුරියටද දක්ෂතම පිතිකරු කෙමින් කෞශල්‍යටද.  හොදම පන්දු යවන්නා දිනේන්ද්‍ර චමොදටද හිමි විය.

කටුගස්තොට ශ්‍රී රාහුල පිල වෙනුවෙන් කාව්‍ය අශේන් පිත්තෙන්ද, විශාල් ගාර්දියවසම් පන්දුවෙන් දස්කම් දැක්විය.

ශ්‍රී සුමංගල විදුහලේ භානුක දිසානායකගේ විශිෂ්ට පන්දු රැකීම පිටිය වර්ණවත් කලේය.

ජායාරූපය – ජයග්‍රාහී මහනුවර සුමංගල කණ්ඩායම 

Add a Comment

Your email address will not be published. Required fields are marked *