ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද හමුවක් මහනුවරදී
June 3, 2023
එල්.බී.සේනාරත්න විසිනි
ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති දේවි ගුස්ටිනා ටෝබිං (Mrs. Dewi Gustina Tobing) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විය. මෙහිදී සංස්කෘතික, ආගමික, ආර්ථික සහ සංචාරක අංශ ඇතුලු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද විශේෂයෙන් සප්තකන්‍යා කඳුවැටිය ආසන්නයේ සිදු වු ගුවන් අනතුරට වසර 50 ක (2024 දී) කාලයක් සපිරීමත් සමග එම ප්‍රදේශයට පැමිණීමට නියමිත ඉන්දුනීසියානු ජනතාව සදහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම් සම්බන්ධයෙන් ද මෙහිදි කරුණු සාකච්ඡා විය. මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ එක් විය.

