2023 ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ  මලල ක්‍රීඩා තරගාවලියේ පදක්කම් 51 ක් ශ්‍රී ලංකාවට

මහනුවර – දයා උඩුරාවණ

පසු ගියදා 2023  සිංගප්පූරු ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ  මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්‍රී ලාංකික වෙළද සේවා මලල ක්‍රීඩා කණ්ඩායමේ  ප්‍රවීන මලල ක්‍රීඩකයින් 20 දෙනෙකු දිවයිනට පැමිණියේ පදක්කම් 51 ක් දිනා ගනිමින්ය. එයට  රන් පදක්කම් 20 ක්, රිදී පදක්කම් 17 ක් සහ ලෝකඩ පදක්කම් 14 ලෙස සටහන් කරමින්ය.

කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම නියෝජනය කරමින් චාමිකා රත්නායක ඇවිදීම මීටර් 400 (කාන්තා), මීටර් 400 සහය දිවීමේ තරග වලින් රිදී පදක්කම් දිනා දීමට සමත් විය. ඇය පාසල් හෝ වෙළද සේවා මට්ටමින් මීට ප්‍රථම කිසිදු තරගයක්කදී ඉසව්වක්   නියෝජනය නොකල අයකු වීම විශේෂ සිදුවීමකි.

චරිත් වර්ණකුලසූරිය ක්‍රීඩකයා හෙල්ල විසි කිරීමේ සහ යගුලිය විසි කිරීමේ රිදී පදක්කම් ලබා ගත් අතර එම ආයතනය නියෝජනය කල අනිල් සමරසිරි මීටර් 100 කඩුලු මතින් දිවීමේ රන් පදක්කම හා මීටර් 100 හා මීටර් 400 තරග දෙකේ රිදී පදක්කම් දිනා ගන්නා ලදී.

 මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ නලින් කපිල මිටර් 100 , මීටර් 200 සහ මීටර් 400 තරග ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

ජෝබාර් –

මෙම තරගාවලිය පසුගිය 26 සහ 27 යන දින වල මැලේසියාවේ ජෝබාර් නුවර පවත්වාවා තිබුණි.

මෙහිදී ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ප්‍රවීන වෙළෙඳ සේවා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වී තිබුණි.

මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු රන් පදක්කම් 03 බැගින් දිනා ගැනීමට සමත් වී තිබුණි.

කොළඹ ජෝන් කීල්ස් ආයතනය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ දේශාන් බණ්ඩාරනායක යගුලිය, හෙල්ල සහ කවපෙත්ත විසි කිරීමේ ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගෙන තිබුණි.

මීට අමතරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ නලින් කපිල මිටර් 100 , මීටර් 200 සහ මීටර් 400 තරග ඉසව් වලින් රන් පදක්කම් 03 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ජයග්‍රාහී ක්‍රීඩකයින් පිරිස 05/29 දින රාත්‍රී 06.25 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, බතික් එයා ගුවන් සේවයේ ඕ.ඩී.- 259 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

පසුගියදා පැවති ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ වෙළද සේවා ආයතන නියෝජනය කරමින් එක් වූ ජයග්‍රහන රැසක් ලබා ගැනීමට හැකි විය.

විසි දෙනකුගෙන් සමන් විත වූ කණ්ඩායම දිවයිනට පැමිණියේ සමස්ථ පදක්කම් 51 ක් සමගිනි.

කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම නියෝජනය කරමින් මැලේසියානු තරග බිමට එක්වූ අනිල් සමරසිරි මීටර් 100 කඩුලු මතින් දිවීමේ රන් පදක්කම හා මීටර් 100 හා මීටර් 400 තරග දෙකේ රිදී පදක්කම් ලාභියෙකි.

චරිත් වර්ණකුලසූරිය ක්‍රීඩකයා හෙල්ල විසි කිරීමේ හා යගුලිය විසි කිරීමේ රිදී පදක්කම් සදහා හිමිකම් කීහ.

එම ආයතනයේම චාමිකා රත්නායක ඇවිදීම මීටර් 400 (කාන්තා), මීටර් 400 සහය දිවීමේ තරග වලින් රිදී පදක්කම් දිනා දීමට සමත් විය. ඇය පාසල් හෝ වෙළද සේවා මට්ටමින් මීට ප්‍රථම කිසිදු තරගයක්කදී ඉසව්වක්   නියෝජනය නොකල අයකු වීමයි. මෙය විශේෂ සිදුවීමකි.

මෙම ආසියානු ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා උළෙල සදහා 12 පමණ ක්‍රීඩක කීඩිකාවන් සහභාගී වී සිටියහ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *