විජය පොසොන් බැති ගී තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ජය විජය ජාතික පාසලට කණිෂ්ඨ අංශයේ ජය සිරිමාවෝ බණ්ඩාරනායක පාසලට සහතික සහ ත්‍යාග ප්රදානය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්
June 6, 2023
මාතලේ විජය පොසොන් බැති ගී තරගයේ ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රහණය මාතලේ විජය ජාතික පාසලට හිමි වු අතර, කණිෂ්ඨ අංශයේ ජයග්‍රහණය මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ පාසලට හිමි විය. මාතලේ විජය ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සදහා මාතලේ නගරයේ පාසල් රැසක් සහභාගී වු අතර, ස්වාධීන විනිශ්චය මඩුල්ලක් මගින් තරගාවලිය විනිශ්චයට ලක් කිරීම සිදුවිය.
මෙහිදී තරගාවලියේ සහතික සහ ත්‍යාග ප්රදානය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වු අතර, එම අවස්ථාව සදහා මාතලේ විජය ජාතික පාසලේ විදුහල්පති රජිත තීක්ෂණ, විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස්.





