ඌව-මධ්‍යම කණිෂ්ඨ කරාතේ තරගාවලිය ඇරඹේ
June 8, 2023
ඌව – මධ්‍යම කණිෂ්ඨ කරාතේ තරගාවලිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිගන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
ක්‍රීඩාව ජය පරාජය සමව විද දරාගැනීමට දරුවෙකුට උපකාර වන බවත් ඒ් ඔස්සේ සමාජයට වඩා යහපත් පුද්ගලයෙකු බිහිකිරීමට හැකියාව සැලසෙන බවත් ය. විනය සහ ගරු කිරීමට ප්‍රමුඛතාවය දෙමින් තරග කිරීමට කරාතෝ ක්‍රීඩාවේදී ඉගැන්වෙන බැවින් ඒ් ඔස්සේ ද විනය ගරුක පුරවැසියෙකු නිර්මාණය වන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒම මහතා සදහන් කර සිටියේය.
මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ සභාපති දයානි තිලකසිරි,ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ විනිසුරු නිලන්ත වික්‍රම ගාල්ලගේ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ගුණරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.






