ගරු ජනාධිපතිතුමාගේ නුවරඑළිය සංචාරයේදී ඉදිරිපත් වු යෝජනා වල ප්‍රගතිය නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී විමසයි
June 15, 2023
නුවරඑළිය දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (13) පැවැත්විය.
එහිදී ගරු ජනාධිපතිතුමාගේ නුවරඑලිය දිස්ත්‍රීක්කයේ සංචාරයේදී ඉදිරිපත් වු යෝජනා වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සිදු වු අතර, ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රීක්කයේ ප්රමුඛ ගැටලු සාකච්ඡාවකට ලක් විය. නුවරඑළිය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.රාමේෂ්වරන්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් නන්දන ගලබොඩ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම සාකච්ඡාව සදහා එක් විය.




