ඇතුල්ගම සුමංගල විසූ පූලියද්දේ පැරණි විහාරයේ කඨින පිංකම

එල්.බී සේනාරත්න

ශත වර්ෂයක් පැරණි ගෞරවනීය ඇතුල්ගම සුමංගල විසූ පූලියද්දේ පැරණි විහාරයේ කඨින පිංකම සෞඛ්‍ය නිර්දේශ අනුකූලව ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු විය. 

එම උත්සවයේ ප්‍රධානත්වය දැරෑයේ  පූජ්‍ය පාතහේවාහැට සංඝනායක සහ හන්තාන රජමහා විහාරයේ විහාරාධිපති  අතිගරු ඇතුල්ගම ධම්මදස්සි නායක ස්වාමීන් වහන්සේය. කඨින ඡීවරය සම්ප්‍රදායානුකූලව සකස් කර එම ස්ථානයට වැඩම කරන ලද්දේ හිටපු ප්‍රාදේශීය සභා සභික දිසානායක මහතාය. 

චාරිත්‍රානුකූලව සාංඝික දක්ෂිණාවක්ද අනුශාසනාවක්ද කරන ලදී. රැස්ව සිටි මහ සංඝ රත්නය විසින් ඒකමතිකව තීරණය කරන ලද්දේ අති පූජ්‍ය පූලියද්දේ සීවලී ස්වාමීන් වහන්සේට පිරිනැමීමටය. එම කඨින ඡීවරය සම්ප්‍රදායානුකූලව එම ස්වාමින් වහන්සේට පිරිනමන ලදී. මෙම කඨින චීවරය පූජා කිරීමෙන් පසු රැස්ව සිටි දායක දායිකාවන්ට අනුශාසනාවක් කරන ලද්දේ සංඝරාජ පිරිවෙනේ හිටපු නියෝජ්‍ය පරිවේනාධිපති සහ දැනට තලපිටියේ පුරාණ විහාරාධිපති වන ඇතුල්ගම ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *