බහුකාර්ය වෙළද සංකීර්ණයක් හා වාහන සේදුම් මධ්‍යස්ථානයක් ඉදකිරීම

එල්.බී සේනාරත්න

මහනුවර – මාතලේ ප්‍රධාන මාර්ගයේ අඹතැන්න නගරයට ආසන්නව  පිහිටි අක්කරයකට වැඩි භුමි ප්‍රමාණයක ස්ථාපිත  කරනු ලබන බහුකාර්ය වෙළද සංකීර්ණය සදහා වාහන සේවා මධ්‍යස්ථානයේන්  රාජ්‍ය අංශයේ භාවිතා කරනු ලබන සියලු වාහන අලුත් වැඩියාවන් සහ සේවා කිරීමේදී වැයවන අති විශාල මුදල් ප්‍රමාණයක් පළාත් සභාව තුලම ඉතිරිකර ගනිමින් හා බහුකාර්ය ගොඩනැගිල්ල තුලින් රාජ්‍ය,පෞද්ගලික හා මුල්‍ය ආයතන සදහා ව්‍යාපාරික අවස්ථා නිර්මාණය කර දෙමින් අදායම් උත්පාදනය  ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කෙරේ

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන  අධිකාරියේ අරමුදල් රුපියල් මිලියන 146 ක ආයෝජනයකින් බහුකාර්ය වෙළද සංකීර්ණයක් හා වාහන සේදුම් මධ්‍යස්ථානයක් ඉදකිරීම සදහා මුල්ගල තැබේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ   ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයට අනුව, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න මහතාගේ මුලිකත්වයෙන් මේ සදහා වන සැලසුම් සකස් කරනු ලැබීය. වත්මන් ලේකම් උපාලි රණවක මහතාගේ මෙහෙය වීමෙන් පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

.රාජ්‍ය ව්‍යවසායකත්වය  ඉහල දමමින්  ඌන උපයෝගී රාජ්‍ය ආයතන නව උපායමාර්ගිකව ගොඩ නැංවීමේ ප්‍රධාන පියවරක් වන මෙම සේවා මධ්‍යස්ථානය හා වෙළද මධ්‍යස්ථාන හා වෙළද සංකීර්ණය නවීනතම යන්ත්‍ර සුත්‍ර අංගෝපාංග වලින් හා වාහන නැවතුම්   ඇතුළු සියලු පහසුකම් සලසා දෙමින් පාරිභෝගික  ජනතාවගේ සේවාවන් එකම පියසකින්  සම්පුර්ණ කර ගැනීමට අවස්ථා ගත හැකි පරිදි ඉදි කිරීමට සැලසුම් කෙරේ.

මෙම ව්‍යාපෘතියට මුලපිරීමේ මොහොතට මහනුවර පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිදිගොඩ ,පාතහේවාහැට ප්‍රාදේශීය සභා සභාපති කිර්ති බණ්ඩාර ,පුජාපිටිය ප්‍රාදේශීය සභා සභාපති අනුර ප්‍රනාන්දු,හරිස්පත්තුව ප්‍රාදේශීය සභා සභාපති  ආනන්ද ජයවිලාල්,අකුරණ ප්‍රාදේශීය සභා සභාපති ඉස්තියාර්  මුහිඩ්,ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න ,පළාත් මාර්ග අමාත්‍යාංශ  ලේකම් උපාලි රණවක ,පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති අලුත්ගමගේ වීරසිංහ,සාමාන්‍යාධිකාරී ඩ්..එම්.එස්. එස්.දසනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *