ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනට

එල්.බී සේනාරත්න

 

ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනට සමගාමීව දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කරමින්, නව රැකියා අවස්ථා හා නව වෙළෙඳපොළ  අවස්ථා බිහි කරලීම අරමුණු කොට ගත් පේෂකර්ම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් අද දින  පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් පාතහේවාහැට දී ජනතා අයිතියට පත් කරන ලදී.

මධ්‍යම රජයේ හා මධ්‍යම පළාත් සභාවේ ප්‍රතිපාදන යටතේ ආරම්භය කළ  මෙම මධ්‍යස්ථානයෙන්   පහළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට මුල් වටයේදී වෘත්තීය පුහුණුව ලබා දීමට නියමිත ය.

මෙම අවස්ථාවට  පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති හා මන්ත්‍රී මණ්ඩලය, මහනුවර දිස්ත්‍රික් ලේකම්, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්,පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් , මධ්‍යම පළාත් පේෂකර්ම අධ්‍යක්ෂ, පාතහේවාහැට පොලිස් ස්ථානාධිපති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *