ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මධ්‍යම ආණ්ඩුකාරවරයා හමුවෙයි

එල්.බී සේනාරත්න

 

මධ්‍යම පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් පසුගිය 9 වැනිදා රාජකාරී කටයුතු ආරම්භ කර නිලන්ත ජයවර්ධන මහතා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා හමුවිය.

මධ්‍යම පළාතේ මහජන ආරක්ෂාව සහ කොවිඩ් වසංගත තත්වය හමුවේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීම, පළාතේ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම ,මහනුවර නගරයේ රථ වාහන සැලසුම් වඩාත් විධිමත් කරමින් වාහන තදබදය සදහා පිලියම් යෙදීම සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ආරක්ෂා කර ගැනීම සදහා ප්‍රායෝගික විසදුම් ස්ථාපනය කිරීම යන කරුණු සම්බන්ධයෙන් නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ආණ්ඩුකාරවරයා අතර පැවති සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු විය.

නිලන්ත ජයවර්ධන මහතා 1998 වර්ශයේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් ව ඇති අතර, ඔහුගේ පළමු පත්වීම කුරුණෑගල කොට්ඨාශය වෙත ලැබී ඇත. කොළඹ නාලන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාර ඇති එම මහතා කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධියද සමත්ව ඇත. මධ්‍යම පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලැබීමට ප්‍රථම නැගෙනහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ජයවර්ධන මහතා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වශයෙන් ද කටයුතු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *