මහනුවර දිස්ත්‍රික්කයේ මෙන්ම මධ්‍යම පළාත තුළ වෙසෙන ජනතාවහට රජයේ ප්‍රකාශන

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය වීවෘත කිරීමේ උත්සවය අද දින (17) ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය .
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල භුමියේ මිට පෙරදී ක්‍රියාත්මකව පැවති මෙම ප්‍රකාශන කාර්යාංශය 2007 වසරෙන් පසුව ක්‍රියාත්මක නොවුණි .

ඒ හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ මෙන්ම මධ්‍යම පළාත තුළ වෙසෙන ජනතාවහට රජයේ ප්‍රකාශන මිලදී ගැනීමේදී අපහසුතා රැසකට මුහුණදීමට සිදුවිය . මෙම තත්වය වෙනසකට ලක් කරමින් සෞභාගයයේ දැක්ම ජාතික රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් මෙලෙස නැවතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන කාර්යාංශයන් වීවෘත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත . ඒ අනුව දිස්ත්‍රික්ක 25 තුළම මෙම කාර්යාංශ ස්ථාපිත කිරීම ආරම්භ කර ඇති අතර , අද දිනයේ (17) මහනුවර දී ආරම්භ කරන ලද්දේ එහි 05 වෙනි ප්‍රකාශන කාර්යාංශයයි .

පොදු මහජනතාව , අධ්‍යාපනය ලබන සිසුන් හා රාජ්‍ය සේවකයන් සදහා අවශ්‍ය වන සියලුම රජයේ ප්‍රකාශනයන් මිලදී ගැනීමට මෙමගින් අද දින සිට නැවත අවස්ථාව උදාවේ . මෙම කාර්යයට සමගාමිව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ කටයුතු සදහා අවශ්‍ය වන උපකරණ ලබාදීම ද සිදු කෙරින .

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුසම සභාපති වසන්ත යාපා බණ්ඩාර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද උදයන කිරිදිගොඩ , තිලක් රාජපක්ෂ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් විජේවීර , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , අතිරේක දිසාපතිවරුන් , හා මහනුවර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් ඇතුළු නිලධාරින් රැසක් සහභාගී වුහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *