කටුගස්තොට පාලම ආසන්නයේ ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීමට මහනුවර මහ නගර සභාවේ අනුමැතිය

එල්.බී. සේනාරත්න

කටුගස්තොට පාලම ආසන්නයේ ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීමට මහනුවර මහ නගර සභාවේ අනුමැතිය කඩිනමින් රැගෙන දීමට රුපියල් 150,000.00ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගත්  නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා බණ්ඩාර රත්නායක හා මුත්තුපිල්ලේ විග්නේෂ්වරන් නැමැති නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා මේ මස 08 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ
.මහනුවර පේරාදෙණිය පාරේ පිහිටි පෞද්ගලික රෝහලකදී මේ අල්ලස් ලබාගෙන තිබේ. දිගින් දිගටම කළ කරදර කිරීම් ඉවසා ගැනීමට නොහැකිව අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පැමිණිලි කළ බවත් ශාහීම් කාදර් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *