මධ්‍යම කෝප් සිටි 21 යටතේ හසලක ප්‍රදේශයටත් කෝප් සිටි ශාඛාවක්

එල්.බී. සේනාරත්න

 

මධ්‍යම පළාත තුල කෝප් සිටි වෙළදසැල් 21 ක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රීක්කයේ හසලක විවිධ සේවා සමූපකාර සමිතියට අනුබද්ධිත කෝප් සිටි ශාඛාව ජන අයිතියට පත් කිරීම මධ්‍යම පළාත් අෘණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

විවෘත කිරීමේ උත්සවයේදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, යල්පැනගිය සමුපකාර ක්‍රමය නව්‍යකරණය කිරීමේ අවශ්‍යතාව වඩාත් දැනෙන මෙම කාලයේ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධනය තුලින් ජනතාව වෙත ගුණාත්මක සේවාවක් ලබා දීමට මැදිහත් වීම අත්‍යවශ්‍ය දෙයක් වන බවයි,, ආර්ථිකය සදහා ප්‍රධාන අංගයක් වශයෙන් දායක කර ගැනීම උදෙසා සමුපකාර පාරිභෝගික අංශය

සංවර්ධනයට රුපියල් මී 7.5ක් යොදවමින් කෝප් සිටි ජාලය ව්‍යාප්ත කිරීමේ කාර්යය මේ වනවිට සිදුකරමින් පවතින බවත්, ගොවිතැනින් ජීවත් වන වැඩි ජනතාවක් සිටින හසලක ප්‍රදේශයේ එක් කෝප් සිටි පාරිභෝගික අංශයක් විවෘත කිරීමට අවස්ථාව උදාවීම භාග්‍යයක් බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය. මෙම අවස්ථාව සදහා

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් උපුල් මහින්දරත්න, සමූපකාර කොමසාරිස් චමිලා අතපත්තු යන මහත්ම මහත්මීන් ද සහභාගී විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *