අලුත් සහල් මංගල්‍යට පෙර

එල්.බී. සේනාරත්න විසින්

දුරුතු මහා පෝය සදහා යෙදෙන ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය චාරිත්‍රයට ශ්‍රී දළදා මාළිගාවේ පල්ලෙකැලේ  තිබෙන අටුවෙන් උඩරට රාජදානියේ තිබූ දේවාල රජ මහා විහාරවලට අලුත් සහල් බෙදා දෙන ලදී.
මෙම අලුත් සහල් ශ්‍රී දළදා මාළිගාවේ කුඹුරු වලින් රැගෙන පල්ලෙකැලේ අටුවේ රදවා 19 වන බදාදා දින එම අලුත් සහල් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන  නිලමේ වන ප්‍රදීප් නිලංග දෑල විසින් බෙදා දෙන ලදී.
මෙම සහල් උත්සවශ්‍රීෙයන් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව තම තමන්ගේ දේවාල වලට රජ මහා විහාරවලට ගෙන යනු ලැබීය. ශ්‍රී දළදා මාළිගාවේ කොටස ද පෙරහැරකින් පල්ලෙකැලේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත එන ලදී. එය මුලින්ම හේවිසි මන්දිරයට රැගෙන ගොස් ඊට පසු ශ්‍රී දළදා මාළිගාවේ මුළුතැන්ගෙයි තැන්පත් කරන ලදී. මෙම  සහල්  දුරුතු පෝය දින අලුත් සහල් වශයෙන් ශ්‍රී දළදා මාළිගාවේ වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේ වෙත පූජා කිරීමට නියමිතය. එම දින අස්ගිරි මහා නායක පණ්ඩිත වරකාගොඩ ඤාණරතන ස්වාමින් වහන්සේ සහ එම මහ විහාරයේ අනු නායක වන පණ්ඩිත  ආණමඩුවේ ධම්මදස්සි නායක ස්වාමීන් වහන්සේ ද සහභාගි වීමට නියමිතය.
මෙම චාරිත්‍රානුකූල සියලු දේම සංවිධානය කරන ලද්දේ ශ්‍රී දළදා මාළිගාවේ කාරිය කෝරාළ වන කරුණාතිලක මහතාය.
    
   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *