සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකශයට අනුකුලව ගමේ ගැටළු ගමේ පුජාව තුලින්

එල්.බී. සේනාරත්න විසින්

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකශයට අනුකුලව ගමේ ගැටළු ගමේ පුජාව තුලින් හදුනා ගනිමින් ඒවාට ක්‍ෂණිකව පිළිතුරු ලබා දීම සදහා දුෂ්කර ගම්මාන ආශ්‍රිත ක්‍රියාවට නංවන “ගම සමග පිළිසදර” වැඩසටහන් මාලාවේ 9 වැන්න මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීමුරේ පාරිසරික ගම්මානයේ දී පැවැත්වේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන පෙබරවාරි මස 13 වන දින පෙරවරුවේ මීමුරේ ඓතිහාසික මී ගස පිහිටි භූමිය හා මීමුරේ කනිෂ්ඨ විද්‍යාලය ආශ්‍රිතව සංවිධානය

කටයුතු පිලිබදව සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරින .එහිදී මෙම ගම්මානයේ සංවර්ධන කටයුතු ආණ්ඩුකාරවරගේ නිරීක්ෂණයට ලක් කල අතර,ගම සමග පිලිසදරක් වැඩසටහන සංවිධානය කිරීම පිළිබද පුර්ව සාකච්ඡාවක් ද මීමුරේ ශ්‍රී සුදර්ශනාරාම පුරාන විහාරස්ථානයේදී පවත්වනු ලැබිය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන පෙබරවාරි මස 13 වන දින පෙරවරුවේ මීමුරේ ඓතිහාසික මී ගස පිහිටි භූමිය හා මීමුරේ කනිෂ්ඨ විද්‍යාලය ආශ්‍රිතව සංවිධානය කෙරේ.

මීමුරේ,රයිතාලව ,පුස්සැල්ල,කරඹකටිය හා කුඹුක්ගොල්ල යන ග්‍රාම නිලධාරි වසම් 05 තුල පදිංචි 1427 ක් පමණ වන ජනතාව මුහුණ දෙන ගැටළු සහ දුෂ්කරතා අවම කිරීම සදහා මෙම වැඩසටහනට සමගාමිව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවේ.

මුලික අදියර ලෙස හුන්නස්ගිරියේ සිට ෆොබර්ස් මංසන්ධිය දක්වා කිලෝමීටර් 21 ක් දුර හා එතැන් සිට ගම දක්වා වන කිලෝමීටර් 11 ක මාර්ගය සැකසීමේ කටයුතු මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට ආරම්භකොට ඇත. මේ සදහා රුපියල් මිලියන 235 ක මුදලක් වැයකෙරේ.මිට අමතරව රුපියල් ලක්ෂ 120 ක වියදමින් අපදා කලමනාකරන අමාත්‍යංශය මගින් කුඹුක්ගොල්ල පාලම අලුතින් ඉදිකිරිම සදහා මුල පුරා ඇත.

නකල්ස් කලාපය ආශ්‍රිතව පිහිටි අති රමණිය සෞන්දර්යාත්මක,පාරිසරික වටිනාකමි රැසකින් සමන්විත වූ මෙම ගම්මානය තුල සම්ප්‍රදායික කෘෂිකර්මාන්තය නගා සිටුවීම හා සංචාරක ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීම සදහා වූ ව්‍යාපෘති මධ්‍යම පළාත් සභාව මගින් ක්‍රියාවට නංවා ඇත.

මෙම අවස්ථාව සදහා රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න,පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ , ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මඩුගල්ල ඇතුළු ජනතා නියෝජිතයින් ද , ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් සුජානි විජේතුංග ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් ද සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *