එල්.බී සේනාරත්න
මධ්‍යම පළාතේ ක්‍රීඩා සමාජ 400ක් සදහා ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනේ ආරම්භක වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (3) සිදුවිය. 2020 වර්ෂයේ පැවැති අන්තර් ක්‍රීඩා සමාජ තරග සදහා සහභාගී වූ ක්‍රීඩා සමාජ අතුරින් ක්‍රියාකාරී ක්‍රීඩා සමාජ තෝරාගෙන රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුත් ක්‍රීඩා භාණ්ඩ මෙලෙස බෙදා දීමට නියමිත අතර, පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙදින සංකේතාත්මක ලෙස ක්‍රීඩා සමාජ 10 ක් සදහා ක්‍රීඩා උපකරණ බෙදා දීම සිදුවිය. මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රීක්කයන් ආවරණය වන පරිද්දෙන් ක්‍රීඩා සමාජ 400ක් සදහා මෙලෙස භාණ්ඩ දීම වසර 10කට පසු සිදුවන්නක් බවත්, ඉදිරි සෑම වර්ශයකදීම ක්‍රීඩා සමාජ දිරිගැන්වීම සදහා මෙලෙස ක්‍රීඩා භාණ්ඩ බෙදාදීම සදහා පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවත් පළාත් ක්‍රීඩා අධ්යක්ෂ ජගත් කීර්ති මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.