මධ්‍යම පළාත තුල ක්ෂණික ආහාර සීමා කිරීමට ක්‍රමවේදයක් – මධ්‍යම ආණ්ඩුකාර ලලිත් යු ගමගේ
මධ්‍යම පළාත තුල ක්ෂණික ආහාර සීමා කිරීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ආක්‍රමණයන් වලදී නිරෝගී ආහාර රටාවකට පුරුදුව සිටි ශ්‍රී ලාංකීය ජාතියට පාන් පිටි සහ මද්‍යසාර වැනි ශරීරයට ඉතා අහිතකර ද්‍රව්‍ය හුරු කිරීම සහ අධික තෙල් සහිත ආහාර භාවිතයේ ප්‍රතිඵලයක් වශයෙන් බුදුන් වහන්සේ එදා නොමල ගෙයකින් අඹ මිටක් ගෙනෙනන්ට පැවසුවා සේ, රෝගියෙකු නොමැති නිවසක් අද වන විට සමාජයෙන් සොයා ගත නොහැකි මට්ටමට පත් ව ඇති බව එම මහතා වැඩි දුරටත් සිය අදහස් දැක්වීම අතරතුරදී ප්‍රකාශ කර සිටියේය.
මහනුවර දිගන ක්‍රීඩා සංකීර්ණයේ රුපියල් මිලියන 20 ක වටිනාකමකින් යුත් ක්‍රීඩා උපකරණ ඇතුලත් කාය වර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් එම මහතා එසේ සදහන් කර සිටියේය.
මෙම කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහජන සම්බන්ධීකරණ නිලධාරී මධ්‍යම පළාත් සභාවේ හිටපු නියෝජ්‍ය සභාපති එස්.බී.රත්නායක, පළාත් ක්‍රිඩා දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජගත් කීර්ති යන මහත්වරුන් ද එක්ව සිටියේය.