මාර්තු 09 දින හදුනාගැනීමේ පෙරට්ටුව

එල්.බී. සේනාරත්න විසින්

කටුගස්තොට පොලිසිය විසින් ගොඩනැගිල්ලකට අලාභ හැනි කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 15 දෙනාගෙන්‍ 13 දෙනෙකු මාර්තු 09 දින හදුනාගැනීමේ පෙරටුටුවට මහනුවර මහේස්ත්‍රාත් අදිකරණයේ දි ගැනීමට නියමිතය. හදුනාගැනීමේ පෙරට්ටුව සඳහා නියෝගය දෙනු ලැබුවේ මහනුවර මහේස්ත්‍රාත් විසිනි.

ඉකුත් පෙබරවාරි 23 දින යම් පිරිසක් විසින් කටුගස්තොට පාරේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශය තුල විශාල ගොඩනැගිල්ලකට හානි කර බලහත්කාරයෙන් ඇතුළු වීම සහ 3 දෙනෙකුට තුවාල කිරීම ගැන කටුගස්තොට පොලිසියට පැමිණිල්ලක් කල අවස්ථාවේ ක්‍රියාත්මක වූ කටුගස්තොට පොලිසිය 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම 15 දෙනා අතර ලක්සලේ සිටි සභාපතිවරයෙක් ද මහනුවරවෙළද ව්‍යාපාරිකයෙක් ද විය. වැඩි දුර පරික්ෂණ සිදු කල කටුගස්තොට පොලිසිය විසින් මෙම 15 දෙනාම අධිකරණට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මාර්තු මස 02 දින හදුනාගැනීමේ පෙරට්ටුවක් මහේස්ත්‍රාත් අධිකරනයේ දි පැවැත්වීමට නියමිතව තිබූ නමුත් සාක්ෂිකරුවන් නොපැමිණි නිසා මාර්තු මස 09 වන දිනට එම පෙරට්ටුව තිබීමට මහනුවර මහේස්ත්‍රාත් විසින් නියෝග කරන ලදී. මෙම අයුතු ඇතුල් වීම සහ වෙනත් සිද්ධීන් තුඩු දුන්නේ රුපියල් මිලියන 5ට හිටපු ලක්සැල් සභාපති බදු ගත් බවට අනාවරණය වී ඇත. නමුත් එයින් කොටසක් අයිතිකරුට දී තිබුණත් ඉතුරු කොටස නොගෙවා මෙම ගොඩනැගිල්ලට ඇතුලු වීමට තැත් කල අවස්ථාවේ දි මෙම සිද්ධිය සිදු වූ බව චෝදනා කරයි.

මෙමම සිද්ධිය හේතුකොටගෙන තුවාල ලබා භාර්යාව සහ තවත් අයෙකු කටුගස්තොට රෝහලේ නේවාසිකව සිටි බව අනාවරණය වී ඇත. සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නන්ද සේනානායක මහතා පෙනී සිටියි. පැමිණිලි කරුවන් වෙනුවෙන් ජේ්‍යෂ්ඨ නීතිඥ සුනන්ද උදුලාගම මහතා පෙනී සිටියි. මහනුවර ජේ්‍්‍යෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පිට කටුගස්තොට පොලිසිය පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *