එල්.බී. සේනාරත්න විසින්
මහනුවර පොලීසිය කාන්තා දිනය පොලිස් මූලස්ථාන ශ්රවනාගාරයේදී උත්කර්ශවත් අයුරින් සමරන ලදී. එහි ප්රධාන අමුත්තා වූයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ රත්නායක මහතාය.
මෙම උත්සවයේදී කාන්තාවන්ට පෝෂන මලුද ත්රී රෝද රථ හිමියන්ට ස්ටිකර්ද දෙන ලදී.
ජේෂ්ඨ පොලිස් අධිකාරී පී.කේ රත්නායක මහතා පෙන්වා දුන්නේ කාන්තාවන්ගේ වැදගත් කමත් ඔවුන් රැකගැනීම පොලීසිය සතු වැදගත් රාජකාරියක් බවය. ඒ වගේම කාන්තාවන්ට හිංසන සිදු වූ අවස්ථාවේදී පොලීසිය විසින් ඔවුන් ආරක්ෂා කිරීම හා රැකගැනීම ඔවුන්ගේ වගකීමක් බවය.
මෙම කාන්තා දිනය සංවිධානය කිරීමට සමාජ සංවර්ධන ආයතනයේ අධ්යක්ෂක එම් මුතුලිංගම් මහතා විසින් සහභාගී විය.
මෙම අවස්සතාවට සහකාර පොලිස් අධිකාරී ඩබ් එම් ගුණවර්ධන කමල් ආරියවංශ ජානකී සේනානායක මහත්මියද සහභාගී විය.මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ කාන්තා කාර්යාංශයේ ප්රධානී සුමිත්රා සිල්වා මහත්මිය විසිනි
උත්සවයේ ඡායා රූප





