අවුරුදු 157කට පෙර ස්ථීර සේවය කල පොලිස් කොස්තාපල් වන තුවන් සභාවන් මංකොල්ලකරුවෙකු

එල්.බී. සේනාරත්න විසින්
අවුරුදු 157කට පෙර ස්ථීර සේවය කල පොලිස් කොස්තාපල් වන තුවන් සභාවන් මංකොල්ලකරුවෙකු වන මම්මලාය මරික්කාර් නමැති අයෙකුගේ ‍ වෙඩි පහරින් මිය ගිය අවස්ථාව සිහි කිරීම සදහා මාවනැල්ලේ උතුවන්කන්දේ පිහිටා ඇති ස්මාරකයේ සිහි කිරීමේ උත්සවයක් පවත්වන ලදී.
මෙම සිහිකිරීමේ උත්සවය සංවිධානය කරන ලද්දේ මාවනැල්ල පොලිසිය භාර ස්ථානාධිපති පොලිස් පරික්ෂක අසේල හේරත් මහතා විසිනි. එම උත්සවයට සබරගමුව පළාත භාර නියෝජ්‍ය පොලස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ද සහභාගි විය.
නම් දරපු කොල්ලකරුවන් වන මම්මලාල් මරික්කාර් සහ දීකිරිගේ සරදියෙල් යන අය විසින් තවත් මැරවරුන් සමඟ කඩුගන්නාව, මාවනැල්ල, හිඟුල යන ප්‍රදේශවල ධනවත් අයගෙන් කොල්ලකෑම සහ ඔවුන්ගේ දෙපල පසුව දුප්පත් වැසියන්ට බේදීමේ සිරිතක් විය. තවද අශ්ව කරත්තවලින් ගෙන යන ලද ලිපි මලු ද එහි තිබෙන මුදල් ද කොල්ලකෑමට පටන් ගත්තේය. මෙය පොලිසියට හිසරදයක් විය. නොයෙකුත් අවස්ථාවලදී මෙම දෙදෙනා සහ ඔවුන්ගේ සඟයන් මෙල්ල කිරීමට සහ අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කලත් එය නිශ්ඵල විය.
සරදියෙල්ගේ ඉතාම කිට්ටු හිතවතෙක් වූ සිරිමලී තමන්ගෙන් වෙන් වී සිටි කාල සීමාවේ දි පොලිසියට සැඟවී සිටින නිවසක් පිලිබද ඔත්තුවක් දී සැඟවී සිටි නිවස පෙන්වා දී ඔහු මඟ හරින ලදී. පොලිසියේ කණ්ඩායමක් විසින් මෙම දෙදෙනා සිටින නිවස වට කර ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දි මම්මලාගේ මරික්කාර් පොලිස් කොස්තාපල් තුවාන් සබාන්ට වෙඩි තබන ලදී. ඒ අතර සරදියෙල්ට ද වෙඩි පහරක් වැදි තුවාල වූවේය.
මේ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන මහනුවර මහාධිකරණයේ විනිසුරු තොම්සන් ඉදිරියේ අධිකරණ ක්‍රියාමාර්ග මඟින් මෙම දෙදෙනා එල්ලා මැරීමට නියෝග කරන ලදී. එම නියෝගය අනුව මෙම දෙදෙනා මහනුවර ප්‍රථම පොලිස් ස්ථානය වන යටිනුවර වීදියේ පිහිටා ඇති එම පොලිස් ස්ථානයේ රදවා සිට අධිකරණ කටයුතු අවසන් වන තෙක් රදවා සිටියේය. ඊට පසු මෙම දෙදෙනා මහනුවර විවෘත එල්ලුම් ගසක එල්ලා ඔවුන්ගේ ජීවිතය අවසන් කරන ලදී.
පහත සදහන් ඡායාරූප වලින් පෙන්වා දෙන්නේ මාවනැල්ල උතුවන් කන්දේ තිබෙන පොලිස් කොස්තාපල් තුවාන් සභාන් වෙනුවෙන් ඉදි කරන ලද ස්මාරකය ඉදිරිපිට සබරගමුව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා සහ මාවනැල්ල පොලිසිය භාර පොලිස් පරික්ෂක අසේල හේරත් මහතා විසින් ගෞරව කරන අතර එම ස්මාරකය ද මල්වලින් සරසා තවත් අයද එම ස්ථානයේ ගෞරව කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *