ඡායාරූප – පුහුණුවීමක් අතරතුර සිදුවු පැරෂුට් අනතුර හේතුවෙන් මියගිය බලඝන නායක මනෝජ් විරකොටුව

එල්.බී. සේනාරත්න විසින්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අම්පාර ප්‍රදේශයේ 20 වන දින සිදු කරන ලද පුහුණුවීමක් අතරතුර සිදුවු පැරෂුට් අනතුර හේතුවෙන් මියගිය බලඝන නායක මනෝජ් විරකොටුව මහතාගේ දේහයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා උත්තමාචාරය දැක්විය.
මල්කළඹක් තැන්පත් කොට දේහයට සිය උත්මචාරය පුද කිරමෙන් අනතුරුව ,ඒ මහතාගේ මෑණියන් සහ බිරිද,පවුලේ ඥාතිවරුන්වෙත අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේත් ,මධ්‍යම පළාත් සභාවේත් ශෝකය පලකල ආණ්ඩුකාරවරයා බලඝන නායකයෙක් ලෙස විරකොටුව මහතා ඉටුකළ සේවය අගය කළේය.
මහනුවර පොල්ගොල්ල උයන්වත්ත ප්‍රදේශයේ සිය නිවසේ තබා ඇති මනෝජ් විරකොටුව මහතාගේ දේහයට ගෞරවය දැක්වීමට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදයන කිරිදිගොඩ, ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද එක්විය.
මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදී සිසුවෙක් වූ මනෝජ් මහතා පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 26 වන කණ්ඩායමට බැදී සිවුවසරක පුහුණුවෙන් අනතුරු උපාධිය ලබා 2008 සැප්තැම්බර් 28 දින ශ්‍රීලංකා ගුවන් හමුදාවේ සේවයට එක්විය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *