මධ්‍යම පළාත සදහා කෝවිඩ් ප්‍රතිකාර සමායෝජනයට මෙහෙයුම් මැදිරියක්

එල්.බී සේනාරත්න
සංඛ්‍යාත්මකව දිනෙන් දින ඉහල යන කෝවිඩ් රෝගීන් වෙනුවෙන් ඉහල ගුණාත්මක සහ ක්ෂණික සේවාවක් ලබා දීම සදහා වන තොරතුරු ලබා දිය හැකි විශේෂ මෙහෙයුම් මැදිරියක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට සැලසුම් කෙරේ. ‘

පළාත් ආණ්ඩුකාර වර නිතීඥ  ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 16 ) දින පැවති හදිසි සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් වන යෝජනාව මහනුවර වෘත්තීයවේදීන් ගේ සංසදය මගින් ඉදිරිපත් කරනු ලැබිය. කොවිඩ් මර්ධනය සදහා වන ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමේ දී එහි සභාපති  බැසිල් රාජපක්ෂ මහතා විසින් වෘත්තියවේදීන් වෙත කරන ලද ඉල්ලීමකට අනුව පළාතේ ආන්ඩුකාර වරයාගේ මුලිකත්වයෙන් එවන් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පෙන්වා දි ඇත.

මේ පිලිබදව වහා ක්‍රියාත්මක වූ එම සංසදය මධ්‍යම  පළාත්  ආණ්ඩුකාරවර ගමගේ මහතා සමග මුලික වශයෙන් දැනුවත් කරනු ලැබූ අතර , කඩිනමින් අදාළ පාර්ශවයන් සම්බන්ධීකරණය කරමින් ඒ සදහා වන මුලික ප්‍රවේශයන් ගැනීමට කටයුතු කළේය.

පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ ප්‍රතිකාර සදහා උපදෙස් සහ මග පෙන්වීම්  සමායෝජනය සදහා වන  තොරතුරු ලබා ගැනීමේ ජාලයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය කේන්ද්‍ර කොට ගෙන පිහිටුවීමටත්, ඒ සදහා මහනුවර ජාතික ,පේරාදෙණිය ශික්ෂණ,සිරිමාවෝ බන්ඩාරනායක ,ගම්පොල ආදී මුලික රෝහල් සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සහයත් ලබා ගනිමින් ඉතා ඉක්මනින් පළාතේ අවශ්‍ය කොවිඩ් රෝගීන් සදහා අවශ්‍ය ප්‍රතිකාර සදහා යොමු කරවීම මෙම මැදිරියේ මුලික ඉලක්කය වේ.

ඒ සදහා දැනටමත් මහනුවර ජාතික රෝහල තුල ක්‍රියාත්මක ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකය පුර්වාදර්ශ කර ගැනීමටත් .මධ්‍යම පළාත් සභාවේ පුර්ණ අනුග්‍රහය සහ අධික්ෂණය යටතේ ඉහලම සේවාවක් ලබා දීමටත් සැලසුම් කෙරේ.

මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහනුවර වෘත්තියවේදීන් ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය උදය කළුබෝවිල ,මහාචාර්ය මුදියන්සේ රස්නායක. විශේෂඥ වෛද්‍ය චතුරංග කැප්පෙටියාගම ,පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් බි.එච්.එන් ජයවික්‍රම, 11 වන සේනාකාධිපති මේජර් ජනරාල් කිත්සිරි අලුත්ගේ ,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ , පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ  වෛද්‍ය නිහාල් වීරසුරිය ,මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය  පොලිස්පති චන්දන අලහකෝන් යන මහත්වරුන් ඇතුළු සංසද සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරී කිහිපදෙනෙක් සහභාගී විය .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *