උභය මහා විහාරයීය උපසම්පදා අපේක්ෂක භික්ෂූ පුහුණු වැඩමුළුවක් මහනුවර දළදා මාළිගාවේදී
May 30, 2023
උභය මහා විහාරයීය උපසම්පදා අපේක්ෂක භික්ෂූ පුහුණු වැඩමුළුවක් මහනුවර දළදා මාළිගාවේදී ආරම්භ කෙරිණි.උභය මහාවිහාරයේ උපසම්පදාපේක්ෂක සාමණේරයන් වහන්සේලා සදහා මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී විශේෂ පුහුණු වැඩමුළුවක් පැවැත්විය. අස්ගිරි – මල්වතු අනු නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුන් ඇතුලු ගිහි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් පුහුණූ වැඩසටහන ආරම්භ කෙරිණි.











