දැනට අබලන්ව පවතින හසලක මහජන පුස්තකාලය සාහිත්‍ය මාසයට පෙර ජනසතු කරන්න මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා
June 6, 2023
එල්.බී.සේනාරත්න විසිනි
දැනට අබලන්ව පවතින හසලක මහජන පුස්තකාලයේ අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා කටයුතු කළේය.
මිනිපේ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන පුස්තකාලය ,පාඨකයින් 3000 කට අධික ප්‍රමාණයක් සමාජිකයන් ව සිටින, මහජනයාට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක පිහිටන මෙම පුස්තකාලය ලබන සැප්තැම්බර් මාසයට ප්‍රථම මෙම පුස්තකාලය ක්‍රියාකාරී මට්ටමට පත්කිරීම සදහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසද ආණ්ඩුකාරවරයා දැනුම් දීම සිදුවිය.
මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මිනිපේ ප්‍රාදේශීය සභා ලේකම් නිමල් මහවත්ත (වැ.බ) යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.









