විවිධ බෙදීම් නොකර දූ දරුවන් පොදුවේ දරුවන් සේ සළකා කටයුතු කළ යුතුයි
ආගමික වැනි විවිධ බෙදීම් නොකර සියලු දූ දරුවන් එක සේ සළකා කටයුතු කළ යුතු බවත් පාසල් භූමි රජයේ ඉඩම් බැවින් ඒවා පාසල් අතර ගැටුම් දක්වා වර්ධනය නොවීය යුතු බවත් මෙපමණ කාලයක් මෙවන් ගැටළු තිබීම අනුමත කළ නොහැකි බවත් කෙසේ හෝ මෙම භූමි රජය සතු බැවින් හා දරුවන් වෙත වෙන් කළ ඒවා බැවින් අනවශ්‍ය ලෙස ආරවුල් නිර්මාණය කර ගැනීම අනවශ්‍ය බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටි. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ, මාතලේ අධ්‍යාපන කොට්ඨාශයේ උකුවෙල කුරීවෙල මහින්ද රාජපක්ෂ නවෝද්‍යා මහා විද්‍යාලයේ සහ කුරීවෙල හමීඩියා විද්‍යාලය යන විද්‍යාලයන්හී අතර පවතින පාසල් භූමිය සම්බන්ධයෙන් වු ගැටලුව නිරාකරණය කිරීම සදහා නිරීක්ෂණ චාරිකාවකට (14) එක් වෙමිනි.
මෙම විද්‍යාලයන් අතර වසර ගණනාවක් මුළුල්ලේ මෙම ගැටලුව පැවතියත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් විසදුම් නොලැබීම හේතුවෙන් පළාත් ආණ්ඩුකාරවරයා මෙම ගැටලුව විසදීම සදහා මැදිහත් ව ඇති අතර, අදාල අංශ සමග සාකච්ඡා කර පවතින ලේඛනමය සාක්ෂි ද සැලකිල්ලට ගනිමින් සාධාරණ විසදුමක් කඩිනමින් ලබාදීමට තමා අපේක්ෂා කර සිටින බව පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී සදහන් කර සිටියේය.
පළාත් අධ්‍යාපන අමත්‍යාංශ ලේකම් මේනක හේරත්,මහින්ද රාජපක්ෂ නවෝද්‍යා මහා විද්‍යාලයේ විදුහල්පති ජී.මුත්තෙට්ටුතැන්න , හමීඩියා විද්‍යාලයේ විදුහල්පති එම්.අස්ලම් යන මහත්වරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.




