ආණ්ඩුකාර කුසලාන ක්‍රිකට් තරගාවලය මහනුවරදී
July 20, 2023
පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ ආණ්ඩුකාර කුසලාන ක්‍රිකට් තරගාවලිය මහනුවර පොලිස් ක්‍රීඩාංගන පරිශ්‍රයේදී (15) පැවැත්විය.
එම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සහ එම මැතිණිය ද සහභාගී වූ අතර, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් මාර්ග සංවර්ධන අධිකාරීයේ සභාපති අළුත්ගමගේ වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද සහභාගී වූ අතර, පළාත් ආණ්ඩුකාරවරයා ද ක්‍රිකට් තරග සදහා සහභාගී වීම සුවිශේෂි සිද්ධියක් විය.



