මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් පත්කෙරේ
September 8, 2023
මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය සහ මාතලේ ගෙවල්කුලී මණ්ඩල සදහා නව සභාපතිවරුන් පත්කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලයේදී (4) සිදුවිය.
එහිදී මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය ගෙවල්කුලී මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතීඥ උචිත එස් බණ්ඩාර මහතාත්, මධ්‍යම පළාත් සභාවේ මාතලේ ගෙවල්කුලී මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් නීතීඥ නිමල් ද සේරම් මහතාත් මෙදින සිය පත්වීම් ලිපි පළාත් ආණ්ඩුකාරවරයා අතින් ලබාගැනීම සිදු වු අතර, එම අවස්ථාවන් සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක් විය.
.

