රිටි පැනීමේ දක්ෂයින්ගේ විද්‍යාලයට මධ්‍යම ආණ්ඩුකාරවරයාගෙන් සවියක්
November 17, 2023
රිටි පැනීමේ ක්‍රීඩාවෙන් දක්ෂතා රැසක් පෙන්වූ මාතලේ මාරක මහා විද්‍යාලයේ දරුවන් සදහා ක්‍රීඩා භාණ්ඩ ලබාදෙමින්, එම විද්‍යාලීය ක්‍රීඩා පිටිය සංවර්ධනය කර දීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (9) කටයුතු කළේය. ඒ අනුව එම විද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වු ආණ්ඩුකාරවරයා මෙලෙස ප්‍රදානයන් සිදු කළ අතර, එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ග්‍රාමීය නාගරික භේදයකින් තොරව, සියලු දරුවන්ට එක සේ අත හිත දීමට තමා කටයුතු කරනු ලබන බවය. මාධ්‍ය විසින් මෙවැනි දක්ෂතා ඇති දරුවන් සම්බන්ධයෙන් අනාවරණය කිරීම සම්බන්ධයෙන් තම ස්තූතියි පළ කර සිටින බවත්, මාධ්‍ය යනු රාජ්‍ය පවත්වාගෙන යෑමේදී විශාල දායකත්වයක් ලබාදෙන සුවිශේෂි කණ්ඩායමක් බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.








