“කන්ද උඩරට කුමරියන්ගේ නිල් මහ සටනේ‘‘ කිරුල මහමායන් සතුකර ගනී

දයා උඩුරාවණ

ජුනි 16 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩංගනයේ දී  මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල සහ මහමායා විදුහල අතර පැවැත්වූ  සීමිත ඕවර් ක්‍රිකට් තරගයේ ජය මහමායා විදුහල දිනා ගන්නා ලදී.

කාසියේ වාසිය දිනා ගත් ශාන්ත අන්තෝනි බාලිකා නායිකා ශලනි දිසානායක පළමුවෙන්  පන්දුවට පහර දීමට තීරණය කලේය.

ශාන්ත අන්තෝනි බාලිකාව ඩියෝනි දර්ශනී 27, මල්මි හේරත් 24, කවිශ්කා අබේරත්න 22, (අතිරේක 57)  සමග කඩුලු 07ක් දැවී ලකුණු167 (ඕවර 30) දී  ලබා ගන්නා ලදී. පන්දු යැවීම මහනුවර මහමායා ශානිකා සත්‍යාංගනී 38/ 03, රුවන්දි නෙත්තිකුමාර 35/ 02 ලෙස කඩුලු ලබා ගන්නා ලදී.

පිලිතුරු ඉණිම  ක්‍රිඩා කල මහනුවර මහමායා බාලිකා විදුහල ඉසිරි මීගම්මන 69 (නොදැවී) අසනි ප්‍රියංගා 20, ශානිකා සත්‍යාංගනී 18 (අතිරේක 36) ක් සමග කඩුලු 06 ක් දැවී ලකුණු  168 (පන්දු ඕවර 29.4 ) ලබා ගන්නා ලදී. පන්දු යැවීම ශාන්ත අන්තොනි බාලිකා විදුහල  නිමේෂිකා සෙනවිරත්න 32/02, ශලනි දිසානායක 23/01, ඩියෝනි දර්ශණි 23/01 ලෙස කඩුලු ලබා ගන්නා ලදී.

මෙම තරගයේදී මහනුවර මහමායා විදුහල තියුණු තරගයකින් පසු කඩුලු 04 කින් ජයග්‍රහනය කලේය. තරගයේ වීරයා සහ දක්ෂතම පිතිකාරිනිය මහනුවර මහමායා බාලිකාවේ ඉසිරි මීගම්මන, හොදම පන්දු යවන්නිය ශානිකා සත්‍යාංගනී ක්‍රීඩිකාවයි. දක්ෂතම පන්දු රකින්නිය ශාන්ත අන්තෝනි බාලිකාවේ චමෝදි මෙන්ඩිස්ය. ජයග්‍රහි කණ්ඩායමට කුසලානය ප්‍රධානය කිරීම  ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ මහත්මිය සිදු කරන ලදී.

Add a Comment

Your email address will not be published. Required fields are marked *