කුණ්ඩසාලේ නව නගරයේ පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකය ජන අයිතියට පත්කෙරේ

එල්.බී සේනාරත්න

මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කුණ්ඩසාලේ නව නගරයේ පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ කාර්යාල පරිශ්‍රයේ බිම් මහලේ ස්ථාපිත පළාත් ආදර්ශ මුල්  ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් . ‍

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සදහන් කර සිටියේ, හෙට දවසේ රටේ අනාගතය භාරගැනීමට සිටින අද දවසේ දරු පරපුරේ කුසලතා දැනුම මෙන්ම යහපත් ආකල්පයන්ගෙන් ද පෝෂණය වීම අත්‍යවශ්‍ය බවත් රටට අවශ්‍ය රටට හිතැති මතු පරපුරක් බවත්ය. කෙතරම් ආර්ථික අභියෝග පැවතියත් දරුවන් වෙනුවෙන් පළාත් සභාවක් වශයෙන් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කිරීම සදහා කටයුතු කරනු ලබන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටි‍යේය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,  පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත්, පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ. ගුණතිලක යන මහත්ම මහත්මීන් ද එක් ව සිටියේය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *