හදමු අලුත් රටක්

එල්.බී සේනාරත්න

“හදමු අලුත් රටක්” තේමාවෙන් 76 වන නිදහස්  දිනය නිමිත්තෙන් මහනුවර  ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක නියෝජනය මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝහාර.

76 වන නිදහස් දින නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමානයේ ඩී.එස් සේනානායක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී සිදුකෙරිණ. මහනුවර මහ නගර සභාව මගින් සංවිධානය කරන මෙම වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් වූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නිදහස් දින සැමරුම නිමිත්තෙන් ආණ්ඩුකාරවරයා ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය වාදනය කිරීම එහිදී සිදුවිය. ඩී.එස්.සේනානායක සමරු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව එම පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම එහිදී සිදුවිය.

මින් වසර 76කට පෙර ඩී එස් සේනානායක ශ්‍රීමතානන් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස සිය මංගල කතාවේදි ප්‍රකාශ කරන්නට යෙදුන “මෙරට වාසීන්ට මෙතෙක් තිබුණාට වඩා උසස් නිදහසක් ලබා දෙන්නට මේ උදා වූ නිදහසට නොපුළුවන් වුවහොත්, එබඳු නිදහසකින් පලක් නැත්තේය” යන වදන අදටත් වලංගු වන බවත් බිඳවැටුණු, කඩා වැටුණු, පරාජයට පත්වූ සමාජ මතවාද  , දේශපාලන කෝන්තර වලින් ඔබ්බට ගොස්  අලුතින් හිතන අලුතින් දකින සමාජ වටපිටාවක් නිර්මාණය කරන වගකීම වත්මන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයටත් අප සැමටත්  ඇති බවත් ඒ නිසාවෙන් මෙවර නිදහස් දිනය “හදමු අලුත් රටක්” තේමාවෙන් යුක්තව  සමරනු ලබන බවත් ඒ සදහා සියලු දෙනා වෙත ආරාධනා කරන බවත් මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, රජයේ නිලධාරීන් සහ පාසල් දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *