මහනුවර කලාප පාසල් ක්‍රඩා උළෙල

එල්.බී සේනාරත්න

මහනුවර කලාප පාසල් ක්‍රීඩා උළෙලේ මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් සිසු සිසුවියන් 600 කට ආසන්න පිරිසක් සහභාගී විය. ක්‍රීඩා උළෙලේදී විවිධ ක්‍රීඩා අංශයන්ගෙන් ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා මෙහිදී සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිදු වු අතර අවසාන මහෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්විය. 
ක්රීඩා උළෙලේදී විවිධ ක්‍රීඩා අංශයන්ගෙන් ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා මෙහිදී සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවරයා අතින් සිදු වු අතර, 
එහිදී මහනුවර කලාපයේ ක්‍රීඩාව වෙනුවෙන් කැප වී කටයුතු කළ එම්.පී අනිල් මහතා සහ ශාන්ත ජයසිංහ මහතා ඇගයීමට ද ලක් කිරීම සිදුවිය.

මෙම අවස්ථාව සදහා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සී.අයි අන්දරගේ, පළාත් පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන,  යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද සහභාගී විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *