ඉඩකඩ පහසුකම් සීමිත සම්පත් යටතේ ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය කලමනාකරණය විශිෂ්ටයි

එල්.බී සේනාරත්න

මහනුවර ධර්මවික්‍රම බාලිකා විද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා උදැසන එක්විය.විද්‍යාලයිය ක්‍රිඩා උත්සවයේ ප්‍රධාන ආරධීත අමුත්තා ලෙස එක්විමෙන් අනතුරුව විදුහල්පතිනිය විසින් කළ ඉල්ලිමක් අනුව ආණ්ඩුකාරවරයා මෙම නිරික්ෂණ චාරිකාවට එක් විය.

විද්‍යාලයේ සිසුවියන් 945ක්  සිටින අතර  ඉතා අවම පහසුකම් මධ්‍යයේ මෙම පාසල පවත්වාගෙන යනු ලබන අතර විදුහල්පතිනිය ඇතුලු ආචර්ය මණ්ඩලයේ කැපවිම මත මෙම කටයුතු සිදු කිරිම පිළිබදව ආණ්ඩුකාරවර‍යාගේ පැසසුමට ලක් විය. තවද මෙම සීමිත ඉඩකඩ තුල පහසුකම් සැපයීම හා ගොඩනැගිලිවල තත්ත්වය පර්ක්ෂා කිරීම සදහා කණ්ඩායමක් හෙට දිනයේ යැවීමටත් ඒ අනුව අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදී.

මෙම නිරික්ෂණ චාරිකාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්,මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි.සි අයි අන්දරගේ,විදුහල්පතිනි කේ.එම් විජේසිංහ යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *