සමුපකාර ග්‍රාමීය බැංකු ක්‍රමය ආර්ථික අර්බුදයට ජනතාවාදී විසදුමක්

එල්.බී සේනාරත්න

ලංකාවේ ප්‍රථම ග්‍රාමීය බැංකුවේ 60 වැනි සංවත්සර සැමරුම අමතමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා කියා සිටියි

සමුපකාර ග්‍රාමීය බැංකු ක්‍රමය ශක්තිමත් කිරීම ආර්ථික අර්බුදයට විසදුමක් බවත්  ග්‍රාමිය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරිමට සමුපකාර ව්‍යාපාරය ගන්නා උත්සහය අගය කළ යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා පවසයි.
ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ මැණික්හින්න ග්‍රාමිය මහජන බැංකුවේ 60 වෙනි සංවත්රය නිමිත්තෙන් පැවති සැමරුම්  උත්සවයට  සහභාගි වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ  වත්මන් කාලයේදි අපි  ආර්ථික අර්බුදයෙන් කෙමෙන් ගොඩ එමින් සිටින මේ අවස්ථාවේ ග්‍රාමීය නිෂ්පාදන ප්‍රධාන කරගත් ආදායම් මාර්ගවලට ගමේ ජනතාව යොමු වෙමින් තිබෙන බවත් ඒ  සදහා දායකත්වය දැක්විම  සමුපකාර ව්‍යාපාරයට සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙන බව පැවසු ආණ්ඩුකාරවරයා කියා සිටියේ විශාල කැපකිරිමක් සිදු කරමින් සමුපකාර ව්‍යාපාරය නගා සිටුවිම සදහා ගන්නා උත්සහය අගය කරන බවත් වත්මන් සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ප්‍රංශසාව හිමිවන බවයි.

ලංකාවේ ප්‍රථම ග්‍රාමිය බැංකුව ලෙස මැණික්හින්න ප්‍රදේයේ 1964 වර්ෂයේදි ආරම්භ කර තිබේ. කුණ්ඩසාලේ පාර්ලිමේන්තු මන්ත්‍රී  කේ.එම්.පි. වයි ජිනදාස  මහතා මෙහිදී ප්‍රමුඛත්වය දරන ලද අතර එවකට මුදල් අමාත්‍ය ටී. බී. ඉලංගරත්නයන් අතින් මෙය විවෘත කරන ලදී. මෙම අවස්ථාවේදී ආදී අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්, සේවක මහත්ම මහත්මීන්, ව්‍යවසායකයන් , ගනුදෙනුකාර භවතුන් ඇගයීමට ලක් කිරීම සිදුවිය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල,  මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන  කොමසාරිස් අමිල නවරත්න,ග්‍රාමිය මහජන බැංකුවේ සභාපති සුදත් ප්‍රියන්ත ප්‍රේමවර්ධන,ලේකම් රුවන් ගජේන්ද්‍ර බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්වි සිටියහ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *