මධ්‍යම පළාත් දේශීය ආයුර්වේදය ජ්‍යාත්‍යන්තර ජයගන්න කටයුතු කරමින් විදේශ විනිමය ඉපයීම සදහා සූදානම් 

ජායාරූප සහ වාර්ථාව එල්. බී. සේනාරත්න

ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා කියයි

මධ්‍යම පළාත් දේශීය ආයුර්වේදය  ජ්‍යාත්‍යන්තර ජයගන්න කටයුතු කරමින් විදේශ විනිමය ඉපයීම සදහා  සූදානම් – ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත් කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා කියයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද ව්‍යාපෘතිය මගින්  රුපියල් මිලියන 49 ක වියදමින් සහ මධ්‍යම පළාත් සභා ප්‍රතිපාදන රුපියල් මිලියන 13 ක මුදලක් යොදවා සංවර්ධනය කරන ලද ලග්ගල පල්ලේගම ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලාව ග්‍රාමීය රෝහලක් බවට පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් (9) සිදුවිය.

මෙම රෝහල කොවිඩ් වසංගත තත්ත්වය පැවති අවධියේදී කොවිඩ් රෝහලක් ලෙස ක්‍රියාත්මක වු අතර, එම රෝහල සදහා අවශ්‍ය පහසුකම් සහ කාර්ය මණ්ඩල අනුමත කරගැනීම වැනි ගැටලු රැසක් පිලිබද අගෝස්තු මස 8දා ගරු අග්‍රාමාත්‍යවරයාගේ සහ ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමාගේ සහභාගීත්වයෙන් මාතලේ දිස්ත්‍රීක්කයේ පැවති විශේෂ වැඩසටහනකදී මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවරයා විසින් එම ගැටලු සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවට යොමුකරමින්, එහි ප්‍රතිඵලයක් ලෙස මෙසේ රෝහල ජන අයිතියට පත්කිරීමට හැකියාව සැලසී ඇත.

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ සෞඛ්‍ය පහසුකම් ග්‍රාමීය මට්ටමින් ප්‍රශස්ථ අයුරින් පැවතීම ග්‍රාමීය ජනතාවට දුර ගෙවා ගොස් අසනීපයන්ට ඖෂධ ලබාගැනීමට ඇති අපහසුතාවයන් වළක්වාලන බවත් ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක්‍රමය තුළ මහත්වූ දැනුම් සම්පත් ප්‍රමාණයක් සැඟවී ඇති බවත් හැකි සෑම අවස්ථාවකදීම කාර්යක්ෂම සෞඛ්‍ය සේවයක් මෙන්ම රාජ්‍ය සේවයක් පළාත තුල පවත්වාගැනීම සදහා පළාත් සභාවක් වශයෙන් කටයුතු කරන බවත් සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුලුු සම්පත් රැසක් නොමිලේ ලබාගන්නා ජනතාවක් වශයෙන් රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීම කාලීන අවශ්‍යතාවයක් බවත් එම මහතා මෙහිදි සදහන් කර සිටියේය.

තවද සියලු දෙනා සතුව මවුබිම කෙරෙහි වගකීමකින් බැඳී ඇති බවත් මවුබිම වෙනුවෙන් කෙළෙහිගුණ දැක්වීම කලයුතුව ඇති බවත් පළාත් ආයුර්වේද හා දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව මගින් මේවන විට පළාත් සභාව වෙත මුදල් උපයන ආයතනයක් බවට පත් වී ඇති බවත් නොබෝ දිනකින්ම  විදේශ විනිමය ඉපයීම සදහා සූදානම් බවත් ප්‍රකාශ කොට සිටියේය.

, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ,  සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් අධිකාරි, ආයුර්වේද කොමසාරිස් ජේ.බී හේරත්, ලග්ගල රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී ජේ.පී වික්‍රමසිංහ,  ඇතුළු පිරිසක් එක් විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *