Rahula Vs Sumangala

කනද උඩරට ‘‘රන් සටන‘‘ මැයි 19, 20  මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාගංගනයේ දී

මහනුවර  වාරියපොළ සුමංගල විදුහල සහ කටුගස්තොට රාහුල විදුහල අතර පැවැත්වෙන කන්ද උඩරට ‘‘රන් සටන‘‘  මැයි 19, 20  මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාගංගනයේ  දී පැවැත්වීමට නියමිතය.

1984 වර්ෂයේ ආරම්භ වු මෙම මහා ක්‍රිකට් තරගය  යසරත්න තෙන්නකෝන් අනුස්මරණ පලිහ වෙනුවෙන් පැවැත්වන මහා ක්‍රිකට් තරගය  මේ දක්වා තරග 24 ක් පවත්වා ඇති අතර  සුමංගල විදුහල තරග 4 ක් ජය ගෙන ඇති අතර, ඉතිරි තරග ජය පැරදුමින් තොරව නිමාවට පත්වී ඇත.

තේනුක ඒකනායක සුමංගල කණ්ඩායමට නායකත්වය ලබා දෙන අතර අතර විචින්ත්‍ර හේශාන් මල්වත්ත රාහුල කණ්ඩායමට නායකත්වය දෙයි.

සුමංගල විදුහල්පති නාමල් චන්දන කුමාර හා රාහුල විදුහල්පති එස්.එම්.සි වීරකෝන් යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මෙම තරගය පවත්වන අතර ක්‍රීඩා භාර ආචාර්ය වරුන්  වන ශ්‍රී නාත් ද සිල්වා හා ජේ.එම්.එස්.බි ජයසුන්දර සහ ක්‍රිකට්  පුහුණුකරු  චම්පික අළුවිහාරේ මහතාගේ උපදෙස් මත සුමංගල කණ්ඩායම තරග වදින අතර නියෝජ්‍ය විදුහල්පති අජිත් පෙරේරා හා ජනක ආරියසිංහ යන මහත්වරුන්ගේ කළමනාකාරිත්වය හා    ක්‍රිකට්  පුහුණුකරු  ඩි.එම්.පි.කේ දාමකගේ මහතාගේ යටතේ රාහුල ක්‍රිඩකයින් තරග බිමට පිවිසේ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *