සංවර්ධනයේ ප්‍රමුඛම වන්නේ මානව සම්පත සංවර්ධනය

එල්.බී සේනාරත්න

සංවර්ධනයේ ප්‍රමුඛම වන්නේ මානව සම්පත සංවර්ධනය බව ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 1025 ක් මධ්‍යම පළාත් ගුරු සේවයට ඇතුලත් කිරීමේ උත්සවයෙහි දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කියයි.

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 1025 ක් මධ්‍යම පළාත් ගුරු සේවයට පත්කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්  මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාර පරිශ්‍රෙය්දී (16) සිදුවිය.

එහිදී පත්වීම් ප්‍රදානය කරමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ගුරු වෘත්තිය අන් වෘත්තියන්ගෙන් වෙන් වු ඉතා සුවිශේෂි වෘත්තියක් වන බවයි. රටක අනාගතය සාදා අත්‍යවශ්‍ය වන්නේ මානව සම්පත වන අතර අනාගතය සදහා කෙබදු ආකාරයේ මානව සම්පතක් තනන්නේද යන්න ගුරුවරයා අවබෝධයකින් කටයුතු කළ යුතු බවත්, දැනුම කුසලතා පමණක් නොව යහපත් ආකල්පයන්ගෙන් හෙබි රටට දැයට හිතැති පුද්ගලයෙකු බිහිකිරීම සදහා කටයුතු කරන ලෙසත් එම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.

මෙම වැඩසටහන සදහා ක්‍රීඩා කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, නාලක කෝට්ටේගොඩ,ආචාර්ය රංජිත් බණ්ඩාර , උදයන කිරිඳිගොඩ, අබ්දුල් හලීම්, මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී නිමලසිරි,  යන මහජන නියෝජිතයින් ද  පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *