රජයේ මුදල් භාවිතයෙන් තොරව මැදදුම්බරට එළිමහන් රගහලක් -ඇස්තමේන්තු වියදම රුපියල් ලක්ෂ 70 ක්

මේ රට අභියෝගයෙන් ගොඩගන්න පුළුවන් මේ වගේ සමස්ථ  රාජ්‍ය සේවකයෝම වැඩ කරනවනම්. එවන් නිලධාරීන් ඇගයීම අනිවාර්යෙන් කලයුතුයි. – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ

රජයේ මුදල් භාවිතයෙන් තොරව මැදදුම්බරට එළිමහන් රගහලක් ඇස්තමේන්තු වියදම රුපියල් ලක්ෂ 70 ක්

මහනුවර මැදදුම්බර (තෙල්දෙණිය) ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි ඉදි වු එළිමහන් රඟහල ජන අයිතියට පත්කිරීම සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (31) සිදුවිය. මෙම එළිමහන් රඟහල ඉදිකිරීම සදහා රජයේ මුදල් භාවිතා කිරීමක් සිදු නොකළ බවත්, ශ්‍රමය, මහන්සිය, කැපවීම, බාහිර සහය මත වියදම රුපියල් ලක්ෂ 30ට අඩු අගයක් ගත් බවත්, එය ඉංජිනේරු ඇස්තමේන්තු අනුව රුපියල් ලක්ෂ 70 ක අගයක් ගනු ලබන බවත් මෙහිදි මෙම එළිමහන් රඟහල අදහස ගෙන ආ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් ඉන්දික අනුරුද්ධ පියදාස මහතා සදහන් කර සිටියේය.  

එළිමහන් රඟහල විවෘත කිරීමේ අවස්ථාව නර්ථන අංග, ගායන අංග, කෙටි නාට්‍ය ඇතුලු විචිත්‍රාංග ගණනාවකින් ආලෝකමත් කර තිබූ අතර, මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ  ඇස්තමේන්තු මුදලින් අඩකට වඩා පිරිවැය අඩු කරමින් ජනතා සහයෝගීතාවයෙන් සැබෑ රාජ්‍ය නිලධාරීන් ලෙස මෙවැනි කර්යයක් සිදු කිරීම සම්බන්ධයෙන් මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා සහ කාර්ය මණ්ඩලයටත්, ඒ සදහා සහය වූ සියලු පාර්ශවයන් වෙත තම ස්තූතිය පුද කර සිටින බවත්, රට වෙනුවෙන් තම යුතුකම අවබෝධ කරගනමින්  කටයුතු කරන පිරිසක් ලෙස ඔවුන් හදුනා ගනු ලබන බවත් ය.  මෙලෙස හිතන කැපවෙන රාජ්‍ය සේවකයින් තවමත් ඉන්නා බැවින් මේ රට ගිලි තිබෙන අර්බුධයෙන් නිසැකවම ගොඩ ගත හැකි බවත්, සාමූහිකත්වයෙන් රට ගොඩනැගිය හැකි බවට මනා උදාහරණයක් ලෙස මෙම ඉදිකිරීම හදුනාගන්නා බවත්, යහපත් ආකල්පයන්ගෙන් පෝෂීත පුද්ගලයින් නිර්මාණය කිරීමෙහි ලා මෙම රඟ මඩල දායක වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්වරුන් ලෙස සේවය කල ලේකම් වරුන් වරියන්, කළා කරුවන්, ප්‍රදේශ වාසීන් ඇතුළු පිරිසක් ද එක් විය

Add a Comment

Your email address will not be published. Required fields are marked *