ශ්‍රී ලාංකීය සංස්කෘතිය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාවට අනන්‍ය වු කලාව ඒ සමග මිශ්‍රව පැවතීම හේතුවෙන්

ශ්‍රී ලාංකීය සංස්කෘතිය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාවට අනන්‍ය වු කලාව ඒ සමග මිශ්‍රව පැවතීම හේතුවෙන්
– මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ

කහ සිවුරයි – කලා කෙතයි ‘සංජානනී’ ශිෂ්‍ය කලා මහෝත්සවයේ සමාප්ති උත්සවය මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ ස්වාමීන්වහන්සේ,අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද, අස්ගිරි  මහා විහාර පාර්ශවයේ  නියෝජ්‍ය ලේඛකාධිකාරි නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේ , කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය  ඉඳුරා‍ගාරේ ධම්මරතන  ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ වැඩමවීමෙන්  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ, මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් ආචාර්ය එස්.අතිරා,  හිටපු සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව,මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර යන ගිහි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් අස්ගිරි මහා පිරිවෙන් පරිශ්‍රයේදී (13) පැවැත්විය.

මෙම ශිෂ්‍ය කලා ‍මහෝත්සවය ඔක්තෝම්බර් මස 12- 13 යන දෙදින පුරා අස්ගිරි පිරිවෙන් පරිශ්‍රයේදී පැවති අතර, සමාප්ති උත්සවයේදී ශිෂ්‍ය ස්වාමීන්වහන්සේලාගේ කුසලතා ඇගයීමට ලක් වූ අතර, ‘නැණස’  ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම ද මෙහිදී සිදුවිය. මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, ශ්‍රී ලාංකීය සංස්කෘතිය සුවිශේෂී වන්නේ ශ්‍රී ලංකාවට අනන්‍ය වු කලාව ඒ සමග මිශ්‍රව පැවතීම හේතුවෙන් බවයි. 19 වන සියවසේ අවසාන‍ය වන තෙක් පූජනීය සංඝරත්නය සහ මුතුන්මිත්තන් විසින් ‍නිර්මාණය කළ කලා නිර්මාණ සුරක්ෂිතව රැකගැනීමට හැකියාව ලැබුනත්, වර්තමානය වන විට අද කලාවට යොමුවීමට තරම් පරිසරයක් නිර්මාණය වී නොමැති බවත්, එයට ප්‍රධාන හේතුව අධ්‍යාපනය පද්ධතිය බවත්, ගුණ, නැණ බලෙන් යුතු දරුවෙක් නිර්මාණය කිරීමේ රටේ පැරණි අධ්‍යාපනික අරමුණු පවතින අධ්‍යාපන පද්ධතියෙන් සාක්ෂාත් වන්නේද යන්න ගැටලු සහගත බවත් යහපත් සාරධර්මයන්ගෙන් පෝෂණය වූ දරුවන් හෙට දවසට දායාද කළ යුතුව පවතින බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කලේය.

මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙනන්කෝන්, මහනුවර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *