මධ්‍යම පළාතෙන් ටියුෂන් පන්ති වලට තවත් අභියෝගයක්.

කොත්මලේ සහ වලපනේ අධ්‍යාපන කලාපයන්හි තෝරාගත් පාසල් සිසු දරුවන් සදහා උසස් පෙළ දක්වා ලබා දෙන ශිෂ්‍යත්වයක් මගින් දක්ෂ ගුරුවර, ගුරුවරියන් යොදා ගනිමින් නොමිලයේ අධ්‍යාපන හා ආකල්ප සංවර්ධන  වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ඔවුන්ගේ අධ්‍යාපන හා කුසලතා සංවර්ධනය උදෙසා දම්සවිය ජ්‍යාත්‍යන්තර පදනම විසින් මධ්‍යම පළාත්  අධ්‍යාපන අමාත්‍යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකවන බොදු සවිය ව්‍යාපෘතියේ ආරම්භක උත්සවය අද (28) කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසල් භූමියේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර මෙයට සමගාමිව වලපනේ අධ්‍යාපන කලාපයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවය අද (28) දින පස්වරුවේදී සිදුවිය.  

දම්සවිය ජ්‍යාත්‍යන්තර පදනමේ සබාපති නීතිඥ තුෂාර ගුණතිලක මහතා සභාව අමතමින් අධ්‍යාපනයේ අරමුණ සියලු දේ දන්නා කෙනෙකුන් නිර්මාණය කිරීම නොව ගුණ ගරුක සමබර පෞරුෂයක් ඇති දරුවන් සමාජයට දායාද කිරීම බවත් ගුණධර්ම  සාරධර්ම සපිරි සමාජයක්  ගොඩ නැඟීමේ  අරමුණින් ආරම්භකල දම්සවිය පදනම මගින් මෙහෙයවන මෙම  ව්‍යාපෘතියේ සැබෑ ප්‍රතිලාබින් වන දරුවන් ඉන් නිසි ප්‍රයෝජන අත්කර ගනු ඇතැයි තමන් හා දම්සවිය ජ්‍යාත්‍යන්තර පදනමේ සියලු දෙනා විශ්වාස කරන බවත් ප්‍රකාශ කොට සිටියේය.

මෙහිදී සමාරම්භක උත්සවය අමතමින් දරුවන් දෙස බලා සිටින විට අධ්‍යාපන මට්ටම මත නොව විනය පදනම් කරගෙන ශිෂත්ව ලබාදීම සුදුසු කාලයක් උදාවී ඇති  පෙනී යන බවත්  කොවීඩ් සෞඛ්‍ය උවදුර, ආර්ථික අර්බුදය , දේශපාලන අස්ථාවරත්වය වැනි හේතු නිසා දරුවන් පාසල් පද්ධතියෙන් බැහැරවීම ගැටළුවක් වී ඇති බවත් බාහිර පන්ති කරා ඇදී යාම වැලැක්වීම උදෙසා උනන්දු වනවාට වඩා පාසල් පද්ධතිය පිළිබද විශ්වාසය දරුවන් හා දෙමාපියන් වෙත ඇති කිරීමට සිදුවී ඇති බවත් පාසල් පද්ධතිය දැනුමෙන් පමණක් සන්නද්ධ දරුවන් වෙනුවට  ගුණ නැණ බෙලෙන් යුතු දරුවන්  බිහි කිරීම සදහා විවිධ ව්‍යාපෘති පළාත තුල ක්‍රියාත්මක බවත් මීමුරේ ප්‍රදේශයේද මෙවන් ව්‍යාපෘතියක් ස්වෙච්චා සංවිධානයක් සමගින් ඇරඹි බවත් දම්සවිය ජ්‍යාත්‍යන්තර සංවිධානය මගින් ගෙනයනු ලබන මෙම වැඩසටහනද පළාත තුල දරුවන්ගේ අනාගතය තීරණය සදහා වැදගත් වනු ඇති බවත් ඉහල මට්ටමේ පිරිසකට සීමාවූ අධ්‍යාපනය සැමට විවෘත කළ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් හදුන්වන ආචාර්ය  සී. ඩබ්.ඩබ්. කන්නන්ගරයන්ගේ ජිවිතයේ අවසාන භාගය පිලිබදව සිහි කරමින් එතුමන් වෙත ජනතාවගෙන් ලැබුණු  පිළිගැනුම හා සැලකීම  ජාතියක් ලෙස ගුණයෙන් පිරිහුණු බව මොනවට පෙන්නුම් කරන බවත් එවන් දේ වැලක්වීමට නම් සිංහල ව්‍යවහාරයේ ඇති හය හතර දන්නා පව පිණ පිළිබද අවබෝදය ඇති දරුවන් බිහිකිරීම රටට අවශ්‍යව ඇති බවත් ඒ සදහා දම්සවිය බොදු උදාන වැඩසටහන සහය වනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කොට සිටියේය.

මෙම අවස්ථාවට  , , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සී. පනංගල මහත්ම මහත්මීන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ , දම්සවිය ජ්‍යාත්‍යන්තර පදනමේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සිසු දරු දැරියන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වුහ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *