මහනුවරදී යුගයට නිමවුම් මධ්‍යම  ප්‍රදර්ශනය

එල්.බී සේනාරත්න

ජාතික මෝස්‌තර මධ්‍යස්ථානය විසින් මෙහයවනු ලබන යුගයට නිමවුම් ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේදී .

වත්මන් යුගයේ ඉල්ලුමට ගැලපෙන නිෂ්පධන වෙළදපලට ගෙන ඒමේ තවත් පියවර ලෙස ජාතික මෝස්‌තර මධ්‍යස්ථානය විසින් මෙහයවනු ලබන “යුගයට නිමවුම් ප්‍රදර්ශනය” පළාතේ සුළු පරිමාණ නිෂ්පාදකයා ගෝලීය ඉල්ලුමට සරිලන නිමවුම් නිර්මාණය කිරීමේ මට්ටමට ගෙන ඒමට සිදු කරනු ලබන සේවය ඇති මහත් බවත් මධ්‍යම පළාත පසුගිය කාලය පුරාවටම විදේශීය ආයෝජකයින් හා විදෙස් තානාපතිවරුන් සමග දිගින් දිගටම සම්බන්ධ වෙමින් ගෝලීය වෙළදපල අතික්‍රමණය සදහා පළාතේ සුළු හා මාධ්‍ය පරිමාන ව්‍යවසායකයින් වෙත අවස්ථා රැසක් සලසා දුන් බවත්  සදහා වත්මන් කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සහය නිරතුරුවම අගය කරන බවත් මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කොට සිටියේය.

මේ අවස්ථාවට  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් හා හාරිස්පත්තු ආසන සංවර්ධන කමිටු සම සභාපති ගුණතිලක රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපති කසුන් රණතුංග, කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ අධිපති තුසිත විජයසේන යන මහත්ම මහත්ම වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *