ශිෂ්‍යභට තුර්ය වාදන පෙළපාලිය මහනුවරදී

ඇන්ටන් ජෝන්ස් එල්.බී සේනාරත්න

ජාතික ශිෂ්‍යභට බලකායේ දෙවන බළඇණිය විසින් සංවිධානය කරනු ලැබූ ශිෂ්‍යභට තුර්ය වාදන පෙළපාලිය පසුගිය 22දින මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර නගර මධ්‍යයේදී සිදුවිය.

හෙට දිනයේ නායකත්වය සදහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විනයගරැක,ජාතියේ හා දේශයේ අභිවෘද්ධිය සදහා උරදිය හැකි තරැණ පරපුරක්  ලෙස  ගොඩනැංවීම අරමුනි කර ගත ජාතික ශිෂ්‍ය භට බලකායේ සාමාජික මහනුවර පාසල් 15ක ශිෂ්‍යභට තුර්ය වාදන  කණ්ඩායම් ප්‍රභූ උත්තමාචාර දක්වමින් මහනුවර ටොරින්ටන් පරිශ්‍රයේ සිට දෙවැනි සිංහ රෙජිමේන්තු පරිශ්‍රය දක්වා සිය දස්කම් විදහා දක්වමින් පෙළපාලියේ ගමන් කරන ලදී.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් යුධ හමුදා ආඥාපති මේජර් ජනරාල් නලින්ද නියංගොඩ මහතා,  පළාත් ආණ්ඩුකාර  , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාස මහතා, විදුහල්පතිවරුන්, විෂයභාර ආචාර්යවරුන්  ඇතුළු පිරිසක් සහභාගී විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *