සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික මහෝත්සවය මාතලේදී

එල්.බී සේනාරත්න

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතාජාතිමහෝත්සවය        

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා ජාතික මහෝත්සවය මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලීය ක්‍රීඩාංගන පරිශ්‍රයේදී අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පැවැත්විය.

එහිදී සමස්ථ ලංකා මට්ටමෙන් ජයග්‍රහණ අත්පත්කරගත් සිසු සිසුවියන් දහසකට ආසන්න පිරිසක් ඇගයීම සිදු වු අතර, සංස්කෘතික අංග ඇතුලුත් ව විචිත්‍රවත් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර, මෙහිදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ සුභාශිංසන පණිවිඩයක් මෙම වැඩසටහන සදහා එක් කර තිබු අතර, එම සුභාශිංසන පණිවිඩය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් උත්සව සභාව වෙත ඉදිරිපත් කිරීම සිදු වු අතර, අනතුරුව අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ඉතිහාසයේ ශ්‍රී ලංකා දේශය සම්බන්ධයෙන් රොබට් නොක්ස් තැබු සටහන් වල පරිද්දෙන් නැවත රට ගොඩනැගීමට හැකියාවක් පවතීනම් එය විශාල ජයග්‍රාහණයක් වන බවත් ඒ සදහා සෑම පුද්ගලයෙක්ම එකතු විය යුතු බවත් ය.

මෙම වැඩසටහන සදහා ක්‍රීඩා කටයුතු රාජ්‍ය ආමාත්‍ය රෝහණ දිසානායක, මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු සභිකයන් වන නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, රෝහිණී කවිරත්න , මාතලේ දිස්ත්‍රීක් ලේකම් තේජානි තිලකරත්න, බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *