පොල්ගොල්ලවත්ත විද්‍යාලය /විද්‍යාප්‍රදීප විද්‍යාලය බවට පත්වෙයි .

ඇල්. බී. සේනාරත්න 

එකම පුහුණුව සහිත ගුරුවරුන් සියලු පාසල්වලට ලබාදෙන්නේ අධ්‍යාපනය සම ලෙස ලබාදීමටයි- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාමහනුවර දිස්ත්‍රීක්කයේ වත්තේගම අධ්‍යාපනය කලාපයේ පොල්ගොල්ලවත්ත විද්‍යාලයෙහි නිල නාමය විද්‍යාප්‍රදීප විද්‍යාලය ලෙස වෙනස්  කරමින් සිසු අයිතියට පත් කිරීම සහ විද්‍යාලයේ ළමා පුස්ථකාලය සිසු අයිතියට පත් කිරීම සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ  මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (22) සිදුවිය.  මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ,  සියලු පාසල් සදහා එකම පුහුණුව සහ සුදුසුකම් සහිත ගුරුවරුන් ලබාදෙමින් සමාන අධ්‍යාපනයක් සියලු දරුවන්ට ලබාදීම අපේක්ෂා කරන අතර, අධ්‍යාපනය පාසල අනුව වර්ග කිරීමක් සිදුකිරීම සිදුනොකළ යුතු බවයි.තමා සෑම විටම ජනප්‍රිය පාසල්වලට වඩා අවධානය යොමුවිය යුතු කුඩා පාසල් වල පැවැත්වෙන වැඩසටහන් සදහා සහභාගී වීම සිදු කරනු ලබන බවත්, පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් සදහා ප්‍රතිපාදන වෙන්කිරිමත් සිදුකිරීමට හැකියාවක් නොපැවතියත්, මෙම වර්ෂයේ අවසානය වන විට පාසල් සදහා අත්‍යවශ්‍ය අවශ්‍යතා ලබාදීමට හැකියාවක් ලැබෙන ඇතැයි ද එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේය.
මෙම වැඩසටහන සදහා පළාත් ආණ්ඩුකාර , මධ්‍යම පළාත් අතිරේක අධ්‍යාපන අධ්‍යක්ෂ (පාලන) ජී.මායාදුන්නේ, පාසලේ විදුහල්පති අයි.ජී.නන්දසේන යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *