ලෝක සංචාරක දිනයට සමගාමීව සංචාරක දින සැමරුම් උත්සවයක් මහනුවරදී 

ලෝක සංචාරක දින සැමරුම හා සමගාමී මධ්‍යම පළාත් සංචාරක දින සැමරුම් උත්සවය මහනුවර සහස් උයන සහ මහනුවර ඕක්රේ රීජන්සි හෝටලය යන ස්ථානයන්හිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ  මහනුවර . දේශීය නිෂ්පාදන ඇතුලත් අලෙවි කුටි සහිත ‍අලෙවිසැල් සහ දැනුවත් කිරීමේ හා සංචාරක ප්‍ රවර්ධන කුටි ද ඇතුලත්ව   සහස් උයන පරිශ්‍රයේ වැඩසටහන සංවිධානය කර තිබු අතර, එහිදි 2023 සංචාරක දින සැමරුම සදහා සහයෝගය ලබා දුන් යූ ටියුබ් නාලිකා කිහිපයක් ඇගයීමට ලක් කිරීමට ද පළාත් සංචාරක දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

සංචාරක කර්මාන්ත හා සබැඳි මගපෙන්වන්නන්, පහසුකම් සළසන්නන්, අත් උදව්කරුවන් සහ සෆාරී ජීප් රථ රියදුරන් ලෙස පුහුණුව ලත් 350 දෙනෙකු සදහා බලපත්‍ර ලබාදීම මහනුවර ඔක්රේ රීජන්සි හෝටල් පරිශ්‍රයේදි සිදු වු අතර, එම අවස්ථාවේදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, රට තුලට විදේශ විනිමය ලබාගත හැකි සුවිශේෂි මාර්ගයක් වන සංචාරක කර්මාන්තය බලගැන්වීම සදහා විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කාලීන අවශ්‍යතාවයක් වන බවත්, ඒ සදහා පුහුණුවලත් නව මගපෙන්වනන් හට විශාල කාර්යයක් ඉටු කළ හැකි ව පවතින බවත් ය.   

මධ්‍යම පළාතට සංචාරක සේවාවන් ප්‍රවර්ධනය අදාල සියලු සම්පත් පවතින බවත් සාම්ප්‍රදායික සංචාරක ස්ථාන මෙන්ම, සංචාරක ආකර්ෂණය අතින් ඉහල අගයක් ලබාගන්නා නව ස්ථානයන් හඳුනාගනිමින් නව ව්‍යාපෘතින් ඔස්සේ සංචාරක ආකර්ෂණය ලබාගැනීමට කටයුතු කිරීම ද සිදුකළ යුතු ව  පවතින බවත් මෙහිදී එම මහතා සදහන් කර සිටියේය.

, පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රෙමාවංශ , පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා සහ පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සංචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර, සම්පත් දායක මහාචාර්ය අස්ලම් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *