17 වන කර්මාන්ත පුරය සදහා මුල් ගල් තැබේ

එල්. බී. සේනාරත්න
ජායාරූප සහ වාර්ථාව

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පොත්තපිටිය කාර්මික ජනපදය සදහා මුල් ගල් තැබීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් (7) සිදුවිය.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ 17 වන කර්මාන්ත පුරය ලෙස ස්ථාපිත වන මෙම කර්මාන්ත පුරය මධ්‍යම පළාතේ සිව් වන කර්මාන්ත පුරය වන අතර, මෙම කර්මාන්ත පුරය අක්කර 24 ක භූමි වපසරියක් තුල ක්‍රියාත්මක වීමට නියමිතය. මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ ඉතිහාසය දෙස හැරී බලන විට ශ්‍රී ලංකාවේ කර්මාන්තයන්හී තාක්ෂණය ඉතා සුවිශේෂි ස්ථානයක පැවති බවයි. පළාත තුල අතහැර දමා තිබූ පේෂ කර්මාන්ත ශාලා නැවත පණගන්වමින් දේශීය ආර්ථීකය සදහා දායකත්වයක් ලබාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බවත්, දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ අවශ්‍යතාවය පවතින බවත්, අමුද්‍රව්‍ය වල පවතින හිඟය කර්මාන්තයේ දියුුණුව සදහා අභියෝගයක් බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් බණ්ඩාර, මයන්ත දිසානායක යන මහත්වරුන් ද කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් සදමාලි හේවගේ , යටිනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති තුසිත වලගෙදර යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *