මහනුවර සංවර්ධන කටයුතු වලට රුපියල් මිලියන 689 ක්

එල්.බී සේනාරත්න

මහනුවර සංවර්ධන කටයුතු වලට රුපියල් මිලියන 689 ක්
විධිමත් සැලසුම් වලට අනුකූලව ජනතා මුදල් වලින් , ජනතාවට ඉහලම ප්‍රතිලාභයක් ලැබෙන සේ සංවර්ධන කටයුතු සිදුකිරීම වැදගත්
-* මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ*

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ හා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේදී (18) පැවැත්විණ.  රුපියල් මිලියන 11750 ක මුදලක් මෙවර සමස්ත ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු හරහා යෙදවීමට නියමිත ව ඇති අතර, එයින් රුපියල් මිලියන 689ක මුදලක් මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව මගින් මහනුවර දිස්ත්‍රීක්කයේ සංවර්ධන කටයුතු සදහා යෙදවීමට නියමිතව ඇත.

මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාවරයා සදහන් කර සිටියේ, විධිමත් සැලසුම් වලට අනුකූලව ජනතා මුදල් වලින් , ජනතාවට ඉහලම ප්‍රතිලාභයක් ලැබෙන සේ සංවර්ධන කටයුතු සිදුකිරීම වැදගත් වන බවයි. සංවර්ධන කටයුතු සිදුකිරීමේදී රාජ්‍ය ආයතන අතර මනා සම්බන්ධීකරණයකින් යුක්තව එම කටයුතු සිදුකිරීම වැදගත් වන බවත්,. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු විධිමත් ව ක්‍රියාත්මක විය යුතු බවත්, දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු දිස්ත්‍රීක්කයේ සංවර්ධන කටයුතු සදහා සෘජු තීරණ ලබාදෙනු ලබන ප්‍රධානතම සාකච්ඡාවන් වන බැවින් ඒ බව අවබෝධ කරගනිමින් නියමිත වේලාවට එම රැස්වීම් සදහා සහභාගීවීමත් වගකීම් සහගත ව කටයුතු කිරීමත් අත්‍යවශ්‍ය බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේය.

මෙම සාකච්ඡාව සදහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම,  මහනුවර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මහින්දානන්ද අලුත්ගමගේ, රංජිත් බණ්ඩාර, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, වේලු කුමාර්, ඒ.එච්.එම් හලීම් ,  මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ.

Add a Comment

Your email address will not be published. Required fields are marked *