ශ්‍රී සංඝරාජ මාහිමි ගුණානුස්මරණ පෙරහැර

දයා උඩුරාවණ – මහනුවර

වැල්විට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික මෙහෙවර අගයමින් වාර්ෂිකව සිදු කරනු ලබන සංඝරාජ පෙරහැර අගෝස්තු  මස 01 වන දින  මහනුවර නගරයේ වීදි සංචාරය කරනු ලැබීය.

77 වන වරට පවත්වනු ලැබූ මෙම පෙරහැර ආම්භ කරමින් අනුශාසනාවක් පැවැත්වු

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් වැල්විට ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ශාසනික සේවය  සිහිපත් කලෙය.

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ පිළිරුවට  පුෂ්පෝපහාර දැක්වීමෙන් සංඝරාජ පෙරහැර වීදි සංචාරය ආරම්භ කලේය.

අලි ඇතුන් සහිත මෙම පෙරහැර‍ෙ  සාම්ප්‍රධායික නැටුම් වලින් සමන්විත විය.

මෙම පෙරහැර සදහා සංඝරාජ ගුණානුස්මරන සමිතිය, කාන්තා සමිතිය, සංඝරාජ දහම් පාසල ඇතුළු මහනුවර අවට දහම් පාසල් සිසු සිසුවියන් සහභාගි විය.

මෙම අවශ්ථාව සදහා දළුක්ගොල්ල රජමහ විහාරාධිපති පූජ්‍ය ඇටිපොල බුද්ධරක්ඛිත හිමි, පූජ්‍ය  අඹතලාවේ සරණංකර හිමි ඇතුලු මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා|, හිටපු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා මහනුවර දිස්ත්‍රික්  ලේකම් චන්දන තෙන්නකෝන් මහතා, මහනුවර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු  කොමසාරිස් අනුරුද්ධ බණ්ඩාර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

Add a Comment

Your email address will not be published. Required fields are marked *